Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
08
බාධක මැදින් රන් ජයක් ලබාගත් තරුෂි ලක් මවට අභිමානයක් එක්කරයි..

- බාධක මැදින් රන් ජයක් ලබාගත් තරුෂි ලක් මවට අභිමානයක් එක්කරයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

289 Views

කැපවීම මත  ඇය ලබාගත් ජයග්‍රහණය නිසා අද රටේ බොහෝ දෙනා අතර මේ ක්‍රීඩිකාව කැපී පෙණුන චරිතයක් වෙලා.


ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ඉහළින්ම සටහන් කරමින්, දේශයට ඉමහත් කීර්තියක් අත්කර දුන් ඇය ගැන මේ ඇසෙන්නේ විශේෂ කතාවක්..

ගම්පොළින් බිහිවූ දක්ෂ මලල ක්‍රීඩා තරුවක් වන තරුෂි අභිෂේකා චීනයේ හොංකොං නුවර පැවැති 22 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ (U20) මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා මීටර් 1500 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ඇය සමත්වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ මෙම ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රථම රන් පදක්කම ලෙස ඓතිහාසික වාර්තාවක් ද තබමින් වීම මෙහිදී කැපී පෙනුනා.

ඇය මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළේ SCOT Campus ආයතනයේ අඛණ්ඩ අනුග්‍රහය සහ ඇයගේ පුහුණුකරු බුද්ධික නුවන්ගේ මඟපෙන්වීම යටතේයි. 

මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රදේශයෙන් අතිශය දුෂ්කර ආර්ථික බාධක මධ්‍යයේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසි තරුෂි අභිෂේකාගේ සහජ දක්ෂතා වඩාත් ඔප්නැංවුණේ ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලෙන්. එහිදී ඇයට ජාතික මට්ටමට පිවිසීමට මාවත විවර වූ අතර, ඇයගේ ක්‍රීඩා සිහිනය සැබෑ කරනු වස් 2024 වසරේ සිට ඇයට පූර්ණ අනුග්‍රාහකත්වය ලබාදීමට SCOT Campus ආයතනය ඉදිරිපත් වුණා. 

මෙම අනුග්‍රාහකත්වය ලබන විට ඇය කිසිදු ජාත්‍යන්තර තරඟාවලියකට සහභාගි වී නොතිබුණද, ඇය සතු කැපවීම සහ උනන්දුව හේතුවෙන් ඉතා කෙටි කලක් තුළ ජාත්‍යන්තර පිටිය ජයග්‍රහණය කිරීමට ඇයට හැකිවුණා.

ඒ අනුව, ඩුබායි හි පැවැති 2024 ආසියානු U20 මලල ක්‍රීඩා ශූරතාවලියේ බාලිකා මීටර් 800 අවසන් මහා තරඟයේදී 4 වැනි ස්ථානය හිමිකර ගැනීමට ඇය සමත් වුණා.

එසේම ඉන් නොනැවතුණු ඇය, 2025 වසරේ සෞදි අරාබියේ පැවැති 6 වැනි ආසියානු වයස අවුරුදු 18න් පහළ (U18) මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 800 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ලබාගත්තා.

එය එම ඉසව්වෙන් ලංකාව ලැබූ පළමු රන් පදක්කම ලෙස ද වාර්තා පොත්වලට එක්වූ අතර ඇයගේ දක්ෂතාවල උපරිම සලකුණ සනිටුහන් කරමින්, මෙවර හොංකොං හි පැවැති 22 වැනි ආසියානු U20 මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 1500 ඉසව්වෙන් රන් පදක්කම දිනා මුළු මහත් ජාතියටම මහත් ආඩම්බරයක් එක් කිරීමට තරුෂි සමත් වුණා.

ඇයගේ දැඩි කැපවීමට අමතරව, ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු බුද්ධික නුවන්ගේ නිවැරදි මඟපෙන්වීම සහ SCOT Campus ආයතනය විසින් ලබාදුන් අඛණ්ඩ අනුග්‍රහය හා ශක්තිය මෙම ජාත්‍යන්තර ජයග්‍රහණ පිටුපස ඇති ප්‍රධානතම ශක්තිය බව ඇත්තෙන්ම නොරහසක්.

රන් පදක්කමකින් ලක් මෑණියන්ගේ නාමය බැබළවූ තරුෂි අභිෂේකා ක්‍රීඩිකාවට ඉදිරියේදීත් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකා නාමය තව තවත් ඉදිරියටම රැගෙන යාමට ඇයට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරමු...

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top