ඒ නිසාම ඔහුගේ අතින් මෙන්න මේ වගේ අපරාධයක් සිදුවෙන්නට ඇති.
සිය දියණිය සමඟ ඇති කරගත් ආරවුලකදී ඇයට පහර දීමට තැත් කළ බෑණාව ඉන් මුදාගැනීමට ඉදිරිපත් වූ පියෙක් විසින් එල්ල කරන ලද පොලු පහරකින් බරපතල තුවාල ලැබූ තරුණයෙක් අම්බලන්තොට රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසනවා.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ අම්බලන්තොට, මල්පෙත්තාව පළමුවැනි පටුමග ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රියේදීයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ජංසගම, මාමඩල ප්‍රදේශයේ පදිංචිව සිටි පසිඳු උදයංග අබේරත්න (26) නොහොත් "වැලි පසිඳු" නමැති අයෙක්.
පොලිස් විමර්ශනවලට අනුව, මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ අතර දිගින් දිගටම පවුල් ආරවුල් තිබී ඇති අතර, එම ආරවුල් හේතුවෙන් බිරිඳ සිය මව්පියන් සිටින මල්පෙත්තාව ප්‍රදේශයේ නිවසට පැමිණ රැඳී සිට තිබෙනවා.
එහිදී ඉන් කෝපයට පත් මියගිය පුද්ගලයා ඊයේ (07) රාත්‍රියේ ටිපර් රථයක් පදවාගෙන බිරිඳ සිටි නිවස වෙත පැමිණ තිබෙනවා.
පසුව ඔහු ටිපර් රථය එම නිවසේ ප්‍රධාන ගේට්ටුවේ ගැටීමට සලස්වා ඊට දැඩි හානි සිදු කරමින් නිවස තුළට කඩා වැදී ඇති බවට හෙළි වූ බව පොලිසිය පවසනවා.
නිවස තුළට කඩා වැදුණු මරණකරු, එහිදී ද බිරිඳ සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති අරත, ඉන් බේරීම සඳහා බිරිඳ නිවසේ තිබූ කාමරයක් වෙත දිවගොස් සැඟවීමට උත්සාහ කර තිබෙනවා.
මෙහිදී මියගිය පුද්ගලයා එම කාමරය තුළටද ලුහුබැඳ ගොස් ඇයට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේදී සැකකරු සිය දියණිය බේරාගැනීමට අසල තිබූ පොල්ලක් ගෙන බෑණාගේ හිසට පහර දී ඇති බව දැනට සිදුකර ඇති විමර්ශනවලින් හෙළි ව ඇතැයි පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර මාමණ්ඩි අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර, අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.