ඒ, තමන්ගේ බිරිඳ දරුවන්වත් දාලා වෙනත් කෙනෙක් එක්ක ගියපු වෙලාවක, දරු පැටවුන් 5 දෙනෙකුගේ වගකීම කරට අරන් තනියම සටන් කරන ආදරණීය තාත්තෙක් ගැනයි.
ඔහු නමින් තුෂාර බණ්ඩාර. මුළු සේසතම අහිමි වුණත්, දරු සෙනෙහස ඉදිරියේ හිස නොනමන මේ උත්තම පියාගේ කතාව ඇත්තටම ඉතාමත් සංවේදියි.
මේ හැමදේම සිද්ධ වෙලා තියෙන්නේ බිරිඳ විසින් තමන්ගේම ලේ කිරි කරලා හදපු දරු පැටවුන් පස්දෙනාවම අතහැරලා වෙනත් පුද්ගලයෙකු සමඟ යාමත් එක්කයි.
එතැන් පටන් මේ දරුවන්ගේ ආරක්ෂාව සහ ජීවිතය වෙනුවෙන් මේ තාත්තා වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලොකු කේඩවාචකයකට මුහුණ දීලා තියෙනවා. දරුවෝ පස්දෙනාම තනිවම බලාගන්න සිද්ධ වුණු නිසා ඔහුට හරියට රැකියාවකට යන්නවත් විදිහක් නැති වෙලා.
දරුවන්ගේ ආරක්ෂාව වගේම රැකියාවට යන්න තියෙන පහසුව ගැන හිතලා මේ තාත්තා මිනුවන්ගොඩ, කටුනායක ඇවරිවත්ත කිට්ටුව මඩවල ප්‍රදේශයෙන් කුලියට නිවසක් අරගෙන තියෙනවා. හැබැයි අවාසනාවකට වගේ, බිරිඳගේ සහෝදරයා ගෙදර තිබුණු කිසිම බඩු බාහිරාදියක්, දරුවන්ට අයිති දෙයක්වත් මේ අසරණ තාත්තාට ගේන්න දීලත් නැහැ.
මිනිස්සු එක එක කතා කිව්වත්, දරුවන්ව ළමා නිවාසවලට හෝ පරිවාස බාරයට දෙන්න මේ තාත්තාගේ හදවත ඉඩ දීලා නැහැ. "පරිවාසෙට දෙන්න බැහැ... හිඟා කාලා හරි මගේ දරුවෝ පස්දෙනාව මම හදාගන්නවා" කියලයි ඔහු සැබෑ පිය සෙනෙහස ලෝකයටම පෙන්වමින් දැඩි තීරණයක ඉන්නේ.
පිය සෙනෙහස ගැන ලියවුණු කවි ගී සින්දු මදි කියල හිතෙන තරමටම, මේ අමාරු වෙලාවේ තමන්ගේ ලේ ටික වෙනුවෙන් පෙනී සිටින තුෂාර බණ්ඩාර කියන මේ ආදරණීය තාත්තාට මේ දරු පැටවුන්ව හදා වඩා ගන්න යෝධ ශක්තියක් ලැබෙන්න ඕන...
මුහුණු පොතේ වීඩියෝවක් ඇසුරෙන්