Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
04
වසර 20ක් බිරිඳ සමඟ කතා නොකළ සැමියා, කැමරාවක් ඉදිරියේ නිහඬතාව බිඳියි..

- වසර 20ක් බිරිඳ සමඟ කතා නොකළ සැමියා, කැමරාවක් ඉදිරියේ නිහඬතාව බිඳියි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

498 Views

මේ කියන්න යන්නේ තවත් එක් අපූරු කතාවක්.

නිකමටවත් හිතන්න පුළුවන්ද,  මේ වගේ දෙන්නෙක්ට ජීවත් වෙන්න හැකියි කියලා. මේ අපූරු කතාව ඇසෙන්නේ විදෙස් රටකින්.. 


ජපානයේ නාරා (Nara) ප්‍රදේශයෙන් අතිශය අසාමාන්‍ය, එහෙත් ලෝකයම සංවේදී කළ පුවතක් වාර්තා වෙනවා. ඒ, ඔටෝ කටයාමා (Otou Katayama) නමැති පුද්ගලයෙකු තම බිරිඳ වන යුමි (Yumi) සමඟ වසර විස්සක් තිස්සේ එකම වහලක් යට ජීවත් වෙමින්, ඇය සමඟ කිසිදු වචනයක් කථා නොකකිරීම ගැන ඇසෙන අහඹු කතාවයි.

තිදරු පියෙකු වන ඔටෝ, මෙම දීර්ඝ කාලය පුරාම බිරිඳගේ ප්‍රශ්න කිරීම් හමුවේ හිස වැනීමකින් හෝ කෙඳිරිල්ලකින් (Nods and Grunts) පමණක් ප්‍රතිචාර දක්වා ඇති අතර, තම දරුවන් සමඟ සාමාන්‍ය පරිදි කථා බස් කර තිබෙනවා. මේ හේතුවෙන් වසර 20ක් පුරා ඔවුන්ගේ නිවස ගතවී ඇත්තේ දැඩි නිශ්ශබ්දතාවයකින්.

බොහෝ දෙනෙකු මෙයට හේතුව පවුල් ආරවුලක් හෝ වෛරයක් යැයි සිතුවද, සැබෑ හේතුව වී ඇත්තේ ඔටෝගේ සිතේ හටගත් අභිමානය (Pride) සහ ඊර්ෂ්‍යාවයි. දරුවන් ලැබුණු පසු බිරිඳගේ මුළු ආදරය සහ අවධානය දරුවන්ට පමණක් හිමිවන බවත්, තමන් තනිවී ඇති බවත් ඔහුට හැඟී ඇති අතර, එම සිත් රිදීම නිසාම ඔහු බිරිඳ සමඟ කථා කිරීම සහමුලින්ම නතර කර දමා තිබෙනව බවයි ඔහු පවසන්නේ..


කාලයත් සමඟ ගල් ගැසුණු මෙම නිහඬතාවය බිඳ දැමීමට ඉදිරිපත් වූයේ ඔවුන්ගේ 18 හැවිරිදි බාල පුත් යොෂිකි (Yoshiki) ඇතුළු දරුවන් තිදෙනායි. තම මවුපියන් කිසිදා එකිනෙකා සමඟ කථා කරනු නොදුටු දරුවන්, මේ සඳහා ජපානයේ ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක (Hokkaido TV) සහාය පතා තිබෙනවා.

ඒ අනුව, ඔටෝ සහ යුමි යුවළ මුලින්ම මුණගැසුණු උද්‍යානය වෙත ඔවුන්ව කැඳවාගෙන ඒමට රූපවාහිනී කණ්ඩායම කටයුතු කළා.


රූපවාහිනී කැමරා ක්‍රියාත්මක වෙද්දී, දරුවන් ඈත සිට බලා සිටින අතරතුර ඔටෝ සිය නිහඬතාවය බිඳ දැමුවේ ඉන් පසුවයි.

"කොහොමහරි... අපි දෙන්නා කථා කරලා සෑහෙන කාලයක් ගතවුණා. ඔයා දරුවන් වෙනුවෙන් ලොකු කැපවීමක් කළා. යුමි, මේ වෙනකම් ඔයා දරාගත්තු හැම දුකකටම මම සමාව ඉල්ලනවා. ඒ වගේම මම ඔයාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා..." යැයි ඔටෝ පවසා සිටියා.

මෙම හැඟීම්බර මොහොත දැක බිරිඳ සහ දරුවන් පමණක් නොව, එම වැඩසටහන නැරඹූ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකගේ දෑස් කඳුළින් තෙත් වුණා.

සමහර අවස්ථාවලදී ලෝකයේ ප්‍රකාශ කිරීමට අපහසුම වචන, සියල්ල සුවපත් කළ හැකි ප්‍රබලම මෙවලම වන බව මෙම සංවේදී කථා පුවත අපට කියා දෙනවා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top