ඒ වසර කිහිපයකට පසු අහසේ දිස්වන "නිල් සඳ" අද රාත්‍රියේදී පායා ඒමට නියමිතව තිබීමයි.
නම "නිල් සඳ" වුණාට ඇත්තටම හඳ නිල් පාටින්ම පෙනෙයිද? නැහැ, මේකෙ තියෙන්නේ වෙනස්ම කතාවක්.
මේ ගැන අදහස් දක්වන ප්‍රකට අභ්‍යාවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසන්නේ, මෙම දුර්ලභ චන්ද්‍රයා සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ වසර 19 කට වරක් හෝ සෑම වසර දෙකකට පසුව වැනි දිගු කාල පරාසයකින් පසුව බවයි.
එකම මාසයක් ඇතුළත පුර පසළොස්වක පොහෝ දින දෙකක් යෙදුණොත්, එයින් දෙවැනි පෝයට පායන චන්ද්‍රයා හඳුන්වන්නේ "නිල් සඳක්" විදිහටයි.
ඉතින් මේ වගේ දුර්ලභ අවස්ථාවක් මඟහැර ගන්න එක ලොකු අපරාධයක්. අද රෑට වෙන වැඩ ඔක්කොම පොඩ්ඩකට නතර කරලා, ඔයාගේ ආදරවන්තයා, ආදරවන්තිය එහෙමත් නැත්නම් පවුලේ අයත් එක්ක එකතු වෙලා අහස දිහා බලන්න අමතක කරන්න එපා.
මොකද මේ වගේ ලස්සන හඳක් ආයෙමත් දකින්න තව අවුරුදු ගණනාවක් බලන් ඉන්න සිද්ධ වෙනවා!