අද සිට බලපැවැත්වෙන පරිදි දිවයින පුරා ඉන්ධන මිල ගණන් සැළකිය යුතු මට්ටමකින් ඉහළ දැමීමට ඔවුන් තීරණය කර ඇති අතර, ඊට සමගාමීව ලංකා IOC සමාගමද සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
මෙම නව මිල සංශෝධනයත් සමඟ එදිනෙදා වාහන පදවන සාමාන්‍ය ජනතාව බහුලවම භාවිතා කරන ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 24.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල සටහන් වන්නේ රුපියල් 434.00ක් ලෙසයි.
එසේම සුඛෝපභෝගී වාහන සඳහා භාවිත කරන ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 25.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 495.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පෙට්‍රල් මිල පමණක් නොව, පොදු ප්‍රවාහනයට සහ භාණ්ඩ ප්‍රවාහනයට සෘජුවම බලපාන ඩීසල් මිලද මෙවර ඉහළ දමා තිබීම විශේෂත්වයක්. ඒ අනුව, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 407.00ක් වනවා.
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 20.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 478.00ක් දක්වා වැඩි වී තිබෙනවා. මේ අතර සාමාන්‍ය අඩු ආදායම්ලාභී ජනතාව පාරිභෝජනය කරන ලංකා භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 20.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 285.00ක් ලෙසයි සංස්ථාව දක්වන්නේ.
මෙම මිල ඉහළ දැමීමට සමාන්තරව ක්‍රියාත්මක වූ ලංකා අයි.ඕ.සී (LIOC) සමාගමද තමන්ගේ ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල ගණන් සිපෙට්කෝ මිල ගණන්වලට සමාන වන පරිදි ඉහළ දමා තිබෙනවා.
කෙසේ වෙතත්, අනෙකුත් සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන්වල වෙනසක් සිදු නොකර ස්ථාවරව තබා ගැනීමට එම සමාගම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම හදිසි මිල ඉහළ යාමත් සමඟ ඉදිරියේදී භාණ්ඩ හා සේවා මිල ගණන් මෙන්ම ප්‍රවාහන ගාස්තුද ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා.