Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
28
හිතුවාද අභියෝගයක් වේවි කියලා..? XPENG G6 දැන් ශ්‍රී ලංකාවෙත්..

- හිතුවාද අභියෝගයක් වේවි කියලා..? XPENG G6 දැන් ශ්‍රී ලංකාවෙත්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

632 Views

ලෝකය තාක්ෂණය අතින් දවසින් දවස ඉදිරියෙන් ඉන්නවා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ කතාවක්. 


වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් සහ අත්හදා බැලීම් කෙරෙහි දැඩි ලෙස යොමුවී තිබීම දැකිය හැක.

එම සමාගම් තවදුරටත් එක් කර්මාන්තයකට, එක් නිෂ්පාදනයකට හෝ එකම අදහසකට පමණක් සීමා වන්නේ නැත. මෙම නව පරපුරේ තාක්ෂණික පෙරළිකාරයන් අතරින් කෘතීම බුද්ධිය (AI), රොබෝ තාක්ෂණය (Robotics), බුද්ධිමත් සංචලතාව (Intelligent Mobility) සහ අනාගතවාදී ඉංජිනේරු විද්‍යාව තුළින් අනාගතය නැවත අර්ථ දක්වන වඩාත්ම සිත්ගන්නාසුලු නාමයක් ලෙස XPENG වේගයෙන් ඉස්මතු වී ඇත.

සෙසු සමාගම් අතරින් XPENG සුවිශේෂී වන්නේ ඔවුන් කිසිවිටෙකත් හුදෙක් වාහන නිෂ්පාදනය කිරීමේ මානසිකත්වයකින් පමණක් ගොඩනැඟුණු සමාගමක් නොවීමයි. ආරම්භයේ සිටම XPENG සමාගමේ දැක්ම ඉතා පුළුල්.

ඒ අනුව ඔවුන් මුලින්ම ලෝකය මවිත කළේ මෙතෙක් විද්‍යා ප්‍රබන්ධවලට සීමා වූ “ARIDGE” නම් පියාඹන මෝටර් රථ (Flying Car) ව්‍යාපෘතිය හරහායි. ගොඩබිම ධාවනය සහ ගුවන් ගමන් තාක්ෂණය එක්කර, සිරස් අතට ඉහළට එසවිය හැකි (Vertical Take-off) වාහන සංකල්පය ඔවුන් යථාර්ථයක් බවට පත් කළේය. මෙම ව්‍යාපෘතියත් සමඟම ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කිරීමට XPENG සමත් විය.

ඔවුන්ගේ නව නිර්මාණ එතනින් නතර වූයේ නැත. මීළඟ පරපුරේ කෘතීම බුද්ධි පද්ධති (Next Gen AI) මගින් ක්‍රියාත්මක වන “IRON” නම් මානවරූපී රොබෝවරයා (Humanoid Robot) හඳුන්වා දීමත් සමඟ XPENG තාක්ෂණික ලෝකයේ පෙරළිකාර සමාගමක් බවට පත්විය.

මෙම සියලු නිපැයුම් හරහා XPENG සමාගම ලබාදුන් ප්‍රබල පණිවිඩය නම්, ඔවුන්ගේ ක්‍රියාවලිය හුදෙක් භාණ්ඩ විකිණීම පමණක් නොව, බුද්ධිමත් සහ අන්තර්ක්‍රියාකාරී අනාගත ලෝකයකට අවශ්‍ය සමස්ත පද්ධතියක් (Ecosystem) නිර්මාණය කිරීම බවයි.

ඒ අනුව එම විශාල තාක්ෂණික පදනම මත XPENG G6 මෝටර් රථය නිර්මාණය වී ඇත. මෙය තවත් එක් විද්‍යුත් මෝටර් රථයක් පමණක් නොව ඉදිරියේදී පැමිණීමට නියමිත නව තාක්ෂණික මෝටර් රථ යුගයක මුල්කෘතියක් ලෙසද සැලකිය හැක.

මෙම නවීන XPENG G6 මෝටර් රථය මාර්ගයේ ඕනෑම පුද්ගලයෙකුගේ ආකර්ෂණය දිනාගත හැකි ආකාරයෙන් නිර්මාණය කර ඇත. ධාවනයේදී වායු ප්‍රතිරෝධය අඩු කරන (Aerodynamic) හැඩය නිසා මෙය සෙසු විද්‍යුත් වාහන අතරින් කැපී පෙනේ.

එසේම වාහනය තුළට පිවිසෙන මගීන්ට වෙනස් ලෝකයකට පැමිණි හැඟීමක් ලබාදීමට මෙය සමත් වේ. ඉහළ තාක්ෂණයෙන් පිරී තිබුණද, රියදුරාට සහ මගීන්ට උපරිම සරල බව සහ භාවිතයේ පහසුව (User-friendly) ලබාදෙන ලෙස මෙය නිමවා ඇත.

WLTP පරීක්ෂණ ක්‍රමවේදයට අනුව, එක් වරක් චාර්ජ් කිරීමෙන් කිලෝමීටර් 480 ක දුරක් ධාවනය කළ හැකි අතර, පාරිභෝගිකයන්ට දුර ගමන් බියකින් තොරව සිදු කිරීමට හැකියාව ලැබේ.

XPENG හි AI, රොබෝ තාක්ෂණය, ගුවන් ගමන් සහ ස්වයංක්‍රීය ධාවන තාක්ෂණයේ (Autonomous Driving) ජයග්‍රහණ මිනිසා සහ තාක්ෂණය අතර නව සබඳතාවක් සනිටුහන් කරයි. ගෝලීය EV වෙළඳපොළ තුළ XPENG G6 ඇති කර ඇති බලපෑම එය පැහැදිලි කරයි. මෙය වර්තමාන වෙළඳපොළේ තරඟයට පමණක් නොව, අනාගතය සඳහා නිර්මාණය කළ වාහනයකි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top