විශේෂයෙන්ම කුලී ත්‍රීවීල්, ඔෆිස් වෑන්, ස්කූල් වෑන්වල යන අපේ මිනිස්සුන්ට හැමදාම සිද්ධ වෙන්නේ රියදුරන් ඉල්ලන හිතුමනාපේ ගණන් දීලා අසරණ වෙන්නයි. ඇයි මේවට නීතියක් නැත්තේ? කියලා ඔයාලටත් හිතිලා ඇති. මෙන්න ඒක පිටුපස තියෙන ඇත්තම කතාව එළියට ඇවිත් තියෙනවා.
ත්‍රිරෝද රථ, පාසල් සහ කාර්යාල ප්‍රවාහන රථ නියාමනය කිරීමේ සම්පූර්ණ බලය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පවරලා දැන් අවුරුද්දකටත් වැඩියි. 2025 ජුනි මාසෙදි පාර්ලිමේන්තුවෙන් මේකට අදාළ පනතත් සම්මත කරලා දුන්නා. හැබැයි ඉතින් බලය ලැබුණාට මොකද, ගාස්තු පාලනය කරන්න අවශ්‍ය කරන මිල සූත්‍රය හදන්න කොමිෂන් සභාවට තවම බැරි වෙලා කියලයි ආරංචිය.
මේ මිල සූත්‍රය ප්‍රමාද වීම නිසා, නීති රීති ක්‍රියාත්මක කරන එක සම්පූර්ණයෙන්ම ඇනහිටලා තියෙන්නේ. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඇතැම් රියදුරන් අසීමිත ලෙස මගීන්ගෙන් සල්ලි කඩනවා කියලා ප්‍රවාහන වෘත්තීය සමිති චෝදනා කරනවා.
වාර්තාවලට අනුව ලංකාවේ ත්‍රීවීල් ලක්ෂ 10කට වඩා ලියාපදිංචි වෙලා තියෙනවා. ඒකෙන් ලක්ෂ 8කට වඩා දුවන්නේ කුලී සේවා (Hire) විදිහටයි. හැබැයි මේ හැමෝම මීටර් දාලා සාධාරණ ගණන් ගන්නේ නෑ. තමන්ට හිතුණු හිතුණු ගණන් කියන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.
මේ ගැන විමසන්න ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට කෝල් කලත්, එකම එක නිලධාරියෙක්වත් ෆෝන් එකට ප්‍රතිචාර දක්වලා නැහැ කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.