කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අද සවස නිකුත් කරපු අලුත්ම වාර්තාවට අනුව "නිරිත දිග මෝසම් ගුණාංග" දිවයින පුරා සම්පූර්ණයෙන්ම ස්ථාපිත වෙලා ඉවරයි.
ඒ නිසා හෙට, ඒ කියන්නේ මැයි 28 වැනිදාත් ලංකාවේ ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං සහිත කාලගුණයක් පවතින බවට ඔවුන් හදිසි අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. හෙට කුඩයක් නැතුව එළියට බැස්සොත් නම් අමාරුවේ වැටෙන එක ෂුවර්!
හෙට වැස්සෙන් තෙමෙන දිස්ත්‍රික්ක සහ පළාත් මෙන්න..
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන විදිහට හෙට දවසේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්නේ මෙන්න මේ ප්‍රදේශවලටයි:
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්
ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක
මේ ප්‍රදේශවල ඉන්න අය හෙට ගමන් බිමන් යද්දී වෙනදාට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ගිගුරුම් සහිත වැසි එක්ක හදිසි සුළං තත්ත්වයන් වුණත් ඇති වෙන්න පුළුවන්.
වැස්ස විතරක් නෙවෙයි, හෙට දවසේ හුළඟත් ටිකක් සැර වෙන්න නියමිතයි. කාලගුණ අංශ පවසන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට වගේම, උතුර, උතුරු මැද, වයඹ, දකුණු පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට විටින් විට පැයට කිලෝමීටර 30ත් 40ත් අතර තරමක තද සුළං ඇති විය හැකි බවයි. පාරවල් අයිනේ තියෙන ගස්, බෝඩ් ලෑලි ගැන මේ පැතිවල අය ටිකක් අවධානයෙන් ඉන්න එක ඇඟට ගුණයි!