මොකද රට වටෙන්ම දැන් කාලගුණයෙන් සෙට් වෙන්න යන්නේ ලේසි පාසු සෙල්ලමක් නෙවෙයි කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.
ඔන්න නිරිත දිග මෝසම ලංකාව හරහා හෙමින් සැරේ ස්ථාපිත වෙන්න පටන් අරන්. ඒ කියන්නේ ඉස්සරහට දිගටම වැසි දිනයන් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
අද (21) දවස ඇතුළත දරුණුවටම වහින්නේ කොහෙටද?
ලංකාවේ ප්‍රධාන පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකටම අද දවස පුරාම විටින් විට වැසි වැටෙන්න නියමිතයි. විශේෂයෙන්ම,
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට
ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට
කාලගුණය කියන විදියට ඇතැම් තැන්වලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි වුණත් කඩා හැලෙන්න පුළුවන්!
උතුරු පළාත සහ අනුරාධපුරයට වැසි වාර කිහිපයක් ඇති වෙන්න පුළුවන්.
ඌව පළාත, මඩකලපුව සහ අම්පාර උදේට පෑව්වත් පස්වරු 2.00න් පස්සේ තැන් තැන්වලින් වැසි හෝ ගිගුරුම් සහිත වැසි කඩා පාත්වෙන්න ඉඩ තියෙනවා.
වැස්ස විතරක් නෙවෙයි, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට වගේම උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලට පැයට කිලෝමීටර් 30-40ක විතර තරමක තද සුළඟක් හැමීමටත් නියමිතයි.
ගිගුරුම් සහිත වැසි එක්ක එන තද සුළං සහ අකුණු අනතුරු ගැන මේ දවස්වල ගොඩක් කතා බහ වෙනවා. ඒ නිසා අකුණු අනතුරුවලින් බේරෙන්න අවශ්‍ය පියවර දැන්ම ගන්න කියලා කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා,