මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොති ග්‍රැහැම් ඇන්ඩසන් නමැති හැටපස් හැවිරිදි පුද්ගලයෙක්. මොහු මැයි මස 26 වැනිදා මෙරටට පැමිණ ඇති අතර, රුපියල් 2590 ක් වටිනා භාණ්ඩ මෙලෙස සොරාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
රටලූනු, සොසේජස් වර්ග සහ එළවළු වර්ග මෙසේ මොහු විසින් සොරාගෙන තිබුණා. සීසීටීවී දර්ශන ඔස්සේ සොරකම අනාවරණය කරගෙන තිබෙන අතර මින් පෙරද එක් වතාවක් මොහු මෙම වෙළඳසලෙන්ම භාණ්ඩ සොරා ගෙන ඇති බව හෙළි වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මොහු එංගලන්තයේ කෝටිපති ව්‍යාපාරිකයකුව සිට ඇති බවත් පසුව ශ්‍රී ලංකාවට පැමිණ මෙරට ඉඩ කඩම් මිලදී ගෙන ඇති බවත් පසුව ඔහුට එම ඉඩකඩම් අහිමි වී ඇති බවත් පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවට පත්වන විට ඔහුට මෙරට රැඳී සිටීමට මාස තුනක වීසා ලැබී තිබුණා.
මොහුගේ එක් පුත්‍රයකු එංගලන්ත පාපන්දු කණ්ඩායමේ නිල ඡායාරූප ශිල්පියකු බව හෙළි වී ඇති බව ද පොලිසිය පවසනවා.
වෙළෙඳසලේ කළමනාකාරිනිය විසින් හබරාදුව පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව සැකකාර විදේශ ජාතිකයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකරු ඊයේ ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.