මහනුවර, තෙල්දෙනිය ප්‍රදේශයේදී අබිරහස් ලෙස මියගිය භෞතචිකිත්සකවරියකගේ (Physiotherapist) මෘත දේහයක් හමුවීමේ සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරුට රැකවරණය සලසමින්, ආධාර අනුබල දීමේ චෝදනාව මත කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා (OIC) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු මැණික්හින්න පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා ද වන බවයි පොලිසිය සදහන් කළේ.
මෙම මරණය සම්බන්ධයෙන් දැනටමත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වන අතර, එහි ප්‍රධාන සැකකරුට නීතියෙන් බේරී සැඟවී සිටීමට ආධාර උපකාර කිරීම සම්බන්ධයෙන් සැකකරු සිදු කල පපොච්ච්රණයකට අනුව මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මින් පෙර යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ තවත් සැකකරුවෙකු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා.
ඒ ඔවුන් ඊයේ (25) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී යි.