කොහොම වුණත් අද ලොවක් කතාකරන මේ සංවේදූ පුවත සියල්ලන්ගේම හදවත් කම්පාවට පත් කරන්නට සමත් එක් හේතුවක් වී තිබෙනවා.
ඉන්දියාවේ වෛද්‍ය ප්‍රවේශ (NEET UG) ප්‍රති-විභාගය පැවැත්වුණු මධ්‍යස්ථානයක් ඉදිරිපිට, විනාඩි දෙකක ප්‍රමාදයක් හේතුවෙන් තම දියණියට ඇතුළු වීමට අවස්ථාව අහිමි වීම නිසා දැඩි ලෙස කම්පනයට පත්ව හඬා වැටුණු පියෙකුගේ සංවේදී වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ විදිෂා (Vidisha) නුවර රජයේ බාලිකා විද්‍යාලයීය විභාග මධ්‍යස්ථානය අසලදී මෙම සංවේදී පුවත වාර්තා වුණා.
කිලෝමීටර 70ක දුෂ්කර ගමනක් සහ වැසුණු යකඩ දොරටුවවෛද්‍යවරියක වීමේ දැඩි සිහිනයකින් පසුවූ රාගිනී විශ්වකර්මා (Ragini Vishwakarma) නම් සිසුවිය සහ ඇයගේ පියා එදින උදෑසන තම ගම්මානයේ සිට විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇත්තේ මෝටර් සයිකලයකින්.
ඒ සඳහා ඔවුන් කිලෝමීටර 70කට අධික දුරක් ගෙවා තිබුණා. කෙසේ වෙතත්, ගමන අතරතුර ඇද හැලුණු අධික වර්ෂාව, මාර්ග ජලයෙන් යටවීම සහ මෝටර් සයිකලයේ රෝදයක හුළං යෑම (Puncture) හේතුවෙන් ඔවුන්ගේ ගමන දැඩි ලෙස ප්‍රමාද වී තිබුණා. විභාග මධ්‍යස්ථානයේ දොරටු වසා දැමීමට නියමිතව තිබුණේ පස්වරු 1:30 ටයි. නමුත් රාගිනී සහ ඇයගේ පියාට එහි ළඟා වීමට හැකි වී ඇත්තේ පස්වරු 1:32 ටයි.
එනම් නියමිත වේලාවට වඩා විනාඩි 2ක් ප්‍රමාද වීමෙනි. පියාගේ වැඳ වැටීම සහ නිලධාරීන්ගේ අසරණකමතම දියණියගේ වසරක මහන්සිය සහ වෛද්‍ය සිහිනය මේ මොහොතේ ගිලිහී යන බව වටහාගත් පියා, විභාග මධ්‍යස්ථානයේ ආරක්ෂක නිලධාරීන් සහ බලධාරීන් ඉදිරියේ දෑත් දිගු කර වැඳ වැටෙමින් දියණියට ඇතුළු වීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා හඬා වැටී තිබුණා.
දැඩි කම්පනය නිසා ඔහු විභාග මධ්‍යස්ථානයේ යකඩ දොරටුවේ හිස ගසා ගනිමින් බිම ඇද වැටී ඇති අතර, දියණියද තම පියා වැළඳගෙන හඬා වැටෙන අයුරු වීඩියෝවේ සටහන්ව තිබෙනවා.