ඒ, තියුණු ආයුධයකින් එල්ල කළ මාරාන්තික ප්‍රහාරයකින් 17 හැවිරිදි පසුවූ පාසල් සිසුවෙකු අමානුෂික ලෙස ඝාතනයට ලක්වීමත් සමඟයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇහැලියගොඩ ජාතික පාසලේ උසස් පෙළ හදාරමින් සිටි දක්ෂ සිසුවෙක්.
මෙම ඝාතනයට මුල් වී ඇත්තේ ඊයේ (29) පස්වරුවේ සිදුවූ සුළු සිදුවීමක් බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ. ඇරෑපොල පාසල හන්දිය ආසන්නයේදී තරුණයෙකු, තරුණියන් දෙදෙනෙකු සමඟ සංවාදයක යෙදී සිටින අයුරු වෙනත් පුද්ගලයෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර තිබෙනවා.
එම වීඩියෝ කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් සහ දැඩි ආරවුලක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම වෛරය සිතේ තබාගත් සැකකරු අද (30) අලුයම අදාළ පාසල් සිසුවාගේ නිවසටම කඩා වැදී ඇති අතර, එහිදී තියුණු ආයුධයකින් සිසුවාට බරපතල ලෙස පහරදී පළාගොස් තිබෙනවා.
ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලැබූ සිසුවා වහාම ක්‍රියාත්මක වී ඇහැලියගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහල්ගත කරන විටත් ඔහු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැලියගොඩ පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.