දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ හුළං තත්ත්වයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
වැස්සට තෙමෙන්න ලෑස්ති වෙන්න ඕන පළාත්,
සබරගමුව පළාත වගේම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය පැතිවලට අද විටින් විට තද වැසි ඇදහැලෙන්න පුළුවන්.
බස්නාහිර සහ වයඹ පළාත්වලත් අතරින් පතර වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වෙන්න සිදුවෙනවා.
ඌව පළාත, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට ඉන්න අයට හවස 2.00 න් පස්සේ ගොරව ගොරවා තද වැසි ඇතිවීමේ ලොකු අවදානමක් තියෙනවා. ඒ නිසා අකුණු අනතුරු ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න වෙනවා.
වැස්ස විතරක් නෙවෙයි, මධ්‍යම කඳුකරයේ බස්නාහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වලටත් ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට සහ මාතලේ යන දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝමීටර 40-50 ක පමණ තද සුළං හමන්න ඉඩ තියෙනවා.
අනෙක් ප්‍රදේශවලට වැහිබර වුණත්, අද දහවල් 12:11ට මන්නාරම, පෙරියමඩුව, පුලියන්කුලම, වැලිඔය සහ මුලතිව් යන ප්‍රදේශවලට හිරු සෘජුවම මුදුන් වන බවයි වාර්තා වන්නේ.
අද දවසේ ගෙදරින් එළියට බහිනවා නම් කුඩයක් අතැතිව, සුළඟ සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වෙන්න පියවර ගන්න කියලා කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.