ඔව්, ඇය එහෙම කියනවා! මේ හැඟීම්බර සටහනත් එක්කම ලංකාවේම ආදරය දිනාගත්තු ජනප්‍රිය රංගන ශිල්පිනී නිරංජනී ශන්මුගරාජාගේ අලුත්ම ඡායාරූප පෙළක් මේ වෙද්දී සමාජ මාධ්‍ය පුරාම හරිම වේගයෙන් වයිරල් වෙමින් පවතිනවා. සිනමාවෙන් වගේම පුංචි තිරයෙනුත් අපේ හදවත් දිනාගත්තු නිරංජනී, දැන් ඇගේ ජීවිතයේ අලුත්ම සහ ලස්සනම පරිච්ඡේදයකට, ඒ කියන්නේ සිය විවාහ දිවියට එළඹිලා කියලයි මේ සටහනෙන් කියවෙන්නේ.
ඇගේ මුහුණුපොතට එක් කරපු මේ සුන්දර ඡායාරූප පෙළ, ඇගේ රසිකයින්ව පුදුමයට පත් කරන්න වගේම ආදරයෙන් වැළඳගන්නත් සමත් වෙලා තියෙනවා. නිරංජනී කියන්නේ හැමදාමත් ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව ලබන, නිහතමානී වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ නිසාම මේ සුබ ආරංචිය දැකපු ගමන්ම ඇගේ ෆේස්බුක් පිටුව රසිකයින්ගේ උණුසුම් සුබපැතුම්වලින් පිරිලා ගිහින්!
වචනවලින් කියන්න බැරි තරම් ආදරයක් පිරුණු ඒ සුන්දර ඡායාරූප, ඇත්තටම "Some love stories don’t need words" කියන ඇගේම වචන ටික කොච්චර ඇත්තද කියලා කාටත් මතක් කරනවා.
යුග දිවියට පිවිසෙන නිරංජනීට අපිත් ආදරණීය සුබපැතුම් එක්කරමු!