ඒ, රෝහලේ ලේ බැංකුව අසලට පැමිණි විශාල නාගයෙකුයි.
නාගයා දුටු වහාම ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය, ඌ රෝගී වාට්ටු හෝ සායන කලාප දෙසට ඇතුළු වීම වළක්වා ගැනීමට ක්ෂණික පියවර ගත්තා.
රෝහල් සේවකයින් කිහිපදෙනෙකු එක්ව පැයක පමණ කාලයක් තිස්සේ සිදුකළ දැඩි මෙහෙයුමකින් පසුවයි මෙම නාගයාව කිසිදු හානියක් නොමැතිව ආරක්ෂිතව අල්ලා ගැනීමට සමත් වී ඇත්තේ.
පවතින දැඩි උණුසුම් කාලගුණය හමුවේ ජලය සොයා පැමිණීමේදී මෙම නාගයා රෝහල් පරිශ්‍රයට ඇතුළු වන්නට ඇතැයි රෝහල් කාර්ය මණ්ඩලය අනුමාන කරනවා. කෙසේ වෙතත් රෝහල් කාර්ය මණ්ඩලයේ ක්ෂණික මැදිහත්වීම නිසා රෝගීන්ට හෝ කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදුවූයේ නැහැ.