ඒ තමයි 'ආදරණීය තරුවක්' චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වුණු "ගැස්සෙන හිත" (Gassena Hitha) ගීතය. රූප රචනය, සංගීතය සහ ගායනය කියන මේ සියල්ලගෙම අපූරු එකතුවක් විදිහට නිර්මාණය වෙලා තියෙන මේ ගීතය අහනකොට ඇත්තටම දැනෙන්නේ බොලිවුඩ් ගීතයක තියෙනව වගේ වෙනස්ම හැඟීමක්.
විශේෂයෙන්ම යොහානි මෙහි ගායනා කරන හින්දි පද පෙළ ගීතයට එක් කරන්නේ අමුතුම අලංකාරයක්.
ගීතයේ රූප රචනයත් ඒ වගේම ආකර්ෂණීයයි. සාරංග දිසාසේකරගේ රංගනයට සහ ගායනයට නර්තනයෙන් එක්වන මියෝනා ද සිල්වා, පියුමාලි එදිරිසිංහ, දේශානි නෙහාරා, ටනාශා හතරසිංහ සහ සංජානා ගමාරච්චි යන ශිල්පිනියන් ගීතය තවත් වර්ණවත් කරනවා.
ගයාන් ශ්‍රීමාල් සහ ඕෂාන් ලියනගේ යන ශිල්පීන්ගේ නර්තන වින්‍යාසයෙන් හැඩවුණු මේ ගීතයට ෂෙනාල් මද්දුමගේ විසින් අපූරු සංගීත නිර්මාණයක් සපයා තිබෙන අතර පද රචනය සඳහා දිලංජන් සෙනෙවිරත්න, සංඛ බී, යොහානි සහ සාරංග දිසාසේකර එක්ව ඇති අතර හින්දි පද රචනය Mellow D සිදුකර තිබෙනවා.
යූටියුබ් එකෙන් මේ ගීතය බලනවට වඩා ෆිල්ම් හෝල් එකක ලොකු තිරයෙන් බලනකොට සහ අහනකොට දැනෙන අත්දැකීම නම් මාරම ගති. ඇත්තටම චිත්‍රපටය බලන්න ප්‍රේක්ෂකයින් සිනමාහල් වෙත ඇදෙන්න මේ ගීතයත් ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා කියන එක නම් නොරහසක්.