Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
04
රෝගී මව ඔසවාගෙන ගොස් උපාධිය ලබාගත් වියට්නාම වීරයා... මුළු ලොවක් හැඬවූ සෙනෙහෙබර කතාවක් මෙන්න..

- රෝගී මව ඔසවාගෙන ගොස් උපාධිය ලබාගත් වියට්නාම වීරයා... මුළු ලොවක් හැඬවූ සෙනෙහෙබර කතාවක් මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

236 Views

මේ ඇසූවන්ගේ හදවත් සංවේදී කරන තවත් එක් පුවතක්..

කාගේත් ආකර්ශනය දිනාගත් මේ තරුණයා වෙනුවෙන් මේ තරම් ආදරයක් හිමිවුණේ ඇයි..? එය ඇත්තෙන්ම සංවේදී කතාවක්..


අප කුඩා කල ඇවිද ගැනීමට නොහැකිව බිම වැටී දණහිස් තුවාල කරගන්නා විට, අපව වඩාගෙන තමන්ගේ උරහිස් මතින් ලෝකය පෙන්වූයේ අපේ ආදරණීය දෙමාපියන්. කාලය නමැති රෝදය කැරකී අප වැඩිහිටියන් වන විට අපේ දෙමාපියන් මහලු වී දුර්වල වෙන එක ඉතින් අපි කොහොම නම් දරාගන්නද..? ඒ කැපකිරීම්වලට ප්‍රතිඋපකාර කරන්නට අපෙන් කී දෙනෙකුට වාසනාව ලැබේද..?

මෑතකදී ලෝකයම හඬවමින්, මුළු ලෝකයටම ආදර්ශයක් දුන් අපූරු තරුණයෙකු පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණයවුණා. ඔහු වියට්නාමයේ න්ගුයෙන් ටැට් තන්හ් (Nguyen Tat Thanh) විශ්වවිද්‍යාලයෙන් විශිෂ්ටතම ගෞරව සාමාර්ථ (Outstanding Honors) සහිතව උපාධිය ලබාගත් ෆාම් ට්‍රන්ග් ට්‍රයි ඩන්ග් (Pham Trung Tri Dung) නම් තරුණයායි.

සිය උපාධි ප්‍රදානෝත්සව ශාලාවේ සිටි මහාචාර්යවරුන්, සිසුන් සහ ආරාධිත අමුත්තන් සැමගේ දෑස්වලට කඳුළු උනන්නට ඩන්ග් එදින කටයුතු කළා. ඔහු උපාධිය ලබා ගැනීමට වේදිකාවට පැමිණියේ තනිවම නොවේ. සිය බරපතල ලෙස රෝගාතුරව සිටි ආදරණීය මෑණියන්ව සිය දෑතින් වඩාගෙනයි.

ඩන්ග්ගේ ජීවිතයේ වීරයා වූයේ ඔහුගේ මවයි. ඇය ප්‍රදේශයේ සැමගේ ගෞරවයට පාත්‍ර වූ කරුණාවන්ත ඖෂධවේදිනියක්. කුඩා කල සිටම මව රෝගීන්ට සලකන අයුරු දුටු ඩන්ග්ගේ එකම අරමුණ වූයේද දිනෙක මව මෙන් සමාජයට සේවයක් කරමින් ඇයව ආඩම්බරයට පත් කිරීමයි.

සිය සිහිනය හඹාගිය ඩන්ග්, වියට්නාමයේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් ලැබුවා. සියල්ල සැලසුම් කළ පරිදි ලස්සනට සිදු වුවද, දෛවය ඔහුට එල්ල කළේ දරුණු පහරක්.

ඩන්ග් සිය උපාධියේ අවසන් වසරට පා තබද්දීම ඔහුගේ මව දරුණු ලෙස රෝගාතුර වුණා. ඇයට තනිවම ඇඳෙන් නැගිටීමට පවා නොහැකි වූ අතර, පැය 24 පුරාම කෙනෙකුගේ රැකවරණය අවශ්‍ය වුණා.

එක් අතකින් දේශන, ප්‍රායෝගික පරීක්ෂණ සහ අවසාන නිබන්ධන (Thesis) කටයුතු ඔහුට මේ කාලයේදී දැඩි පීඩාවක් එල්ල කරන කාරණයක් වුණා. අනෙක් අතින් රෝහලෙන් රෝහලට දිව යමින් මව රැකබලා ගැනීමයි. ඩන්ග්ට දිනකට නිදා ගැනීමට ලැබුණේ පැය කිහිපයක් පමණි. ඔහු රෝහල් කාමරයේ මවගේ ඇඳ අසල හිඳිමින්, මලානික විදුලි බුබුළු එළියෙන් සිය නිබන්ධන ලියා අවසන් කළා.

නමුත් දෛවයේ සරදම එතැනින් නතර වූයේ නැත. ඔහුගේ අවසාන නිබන්ධන ඉදිරිපත් කිරීමට (Thesis Defense) හරියටම මාසයකට පෙර, ඩන්ග්ගේ ආදරණීය පියා හදිසියේම මෙලොව හැර ගියා.

එක් පසෙකින් අංශභාග තත්ත්වයෙන් සිටින මවය, අනෙක් පසින් පියාගේ දේහයය, තවත් පසෙකින් තමාගේ අනාගතය තීරණය කරන උපාධියේ අවසන් කඩඉමයි. ඕනෑම ශක්තිමත් මිනිසෙකු මානසිකව වැටී "මට තවත් බෑ" යැයි අත්හරින තැනට ඩන්ග් පත් වුණා.

මානසික පීඩනය දරාගත නොහැකි වූ තැන්වලදී ඔහු තනිවම හැඬුවේය. නමුත් මව ඉදිරියට යන විට ඔහුගේ මුහුණේ තිබුණේ සිනහවක් පමණි. සිය පුතු තමා වෙනුවෙන් විඳින දුක දැක මවගේ දෑසින්ද කඳුළු වැටුණද, ඒ සෑම කඳුළු බිඳුවක්ම ඩන්ග්ට ලබා දුන්නේ කෙසේ හෝ ජයග්‍රහණය කිරීමේ දැඩි අධිෂ්ඨානයක්.

අවසානයේ සියලු බාධක මැද ඩන්ග් අවසාන විභාගවලින් ඉහළින්ම සමත් විය. ඒ මුළු කණ්ඩායමේම විශිෂ්ටතම ගෞරව සාමාර්ථයක් (Outstanding Honors) දිනා ගනිමිනි.

උපාධි ප්‍රදානෝත්සව දිනය උදා විය. සැවොම තමන්ගේ දෙමාපියන් සමඟ ලස්සන ඇඳුම් ඇඳ ඡායාරූප ගනිද්දී, ඩන්ග්ගේ ජයග්‍රහණය දකින්නට පියා ජීවතුන් අතර සිටියේ නැත. මවට ඇවිදීමට ශක්තියක් තිබුණේ නැහැ.

නමුත් තමාට මෙලොව එළිය පෙන්වූ මවට මේ සතුට අනිවාර්යයෙන්ම දිය යුතු යැයි ඩන්ග් තීරණය කළා. මවට ඇවිදින්නට බැරි නම් කුමක්ද? ඔහු සිය ශක්තිමත් උරහිස් මව වෙනුවෙන් සූදානම් කළා.

ඩන්ග් සිය ආදරණීය මවව කරපින්නාගෙන විශ්වවිද්‍යාල ශාලාවට ඇතුළු වුණා. උපාධිය ලබා ගැනීම සඳහා වේදිකාව මත ඔහුගේ නම කියැවෙද්දී, ඔහු සිය මෑණියන්ව උරහිස් මත තබාගෙනම වේදිකාවේ පඩිපෙළ නැඟ ඉහළටම ගියා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top