ලෝක පූජිත ගායිකා ටේලර් ස්විෆ්ට් (Taylor Swift) සහ ඇගේ පෙම්වතා වන අමෙරිකානු පාපන්දු ක්‍රීඩක ට්‍රැවිස් කෙල්සි (Travis Kelce) ඔවුන්ගේ විවාහ මංගල්‍යයට පෙර මෙලෙස අමෙරිකානු ඩොලර් මිලියන 26ක මුදලක් පුණ්‍යායතන වෙත පරිත්‍යාග කර තිබෙනවා.
මෙම සතිය තුළ අවම වශයෙන් පුණ්‍යායතන 20ක් සඳහා මෙම මුදල් බෙදා දී ඇති බව ඔවුන්ගේ ප්‍රකාශකයෙකු නිල වශයෙන් තහවුරු කළේ.
මෙම සති අන්තයේ නිව්යෝර්ක් නුවරදී ඔවුන් දෙපළගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළද, ඔවුන් දෙදෙනා මෙතෙක් ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් සිදු කර නොමැති අතර, නිකුත් කරන ලද පුණ්‍යාධාර නිවේදනයේ පවා විවාහය ගැන සෘජුව සඳහන් කර නැතත්, මෙම දැවැන්ත පරිත්‍යාගය ඔවුන්ගේ මංගල සැමරුම්වල කොටසක් බව පැහැදිලි වෙනවා.
මෙම පරිත්‍යාගය ලබාදුන් ආයතන 20 අතරට පහත සඳහන් සේවාවන් ඇතුළත් වෙනවා. ආහාර බැංකු , ළමා රෝහල්, සත්ව හිංසනය වැළැක්වීමේ සංවිධානයක් ඇතුළත්.
ඔවුන්ගේ නියෝජිතයා නිකුත් කළ කෙටි ප්‍රකාශයේ මෙසේ සඳහන් කළා. "මේ සතියේදී ට්‍රැවිස් කෙල්සි සහ ටේලර් ස්විෆ්ට් එක්සත් ජනපදය පුරා පිහිටි පුණ්‍යායතන වෙනුවෙන් ඩොලර් මිලියන 26ක මුදලක් පරිත්‍යාග කළා.."