මුළු වෙනිසියුලාවම දෙදරුම් කවමින් සිදුවූ ප්‍රබල භූ කම්පන මාලාව නිසා එරට දැවැන්ත මනුෂ්‍ය ඝාතකාගාරයක් බවට පත්වෙලා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ලැබී ඇති අලුත්ම තොරතුරු අනුව මේ මහා ව්‍යසනයෙන් මියගිය අහිංසක මිනිසුන්ගේ සංඛ්‍යාව මේ වන විට 1,430ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. හැබැයි ඊටත් වඩා භයානකම දේ තමයි, තවමත් සුන්බුන් අතර සහ විවිධ ප්‍රදේශවල අතුරුදන්ව සිටින පිරිස 50,000ක් පමණ වන බව වාර්තා වීම..
මේ මහා විනාශය මෙතැනින් නතර වෙලා නැහැ. වෙනිසියුලාවට මහා විනාශයක් කරපු ප්‍රබල භූ කම්පන ද්විත්වයට පස්සේ, ඊයේ දිනයේදීත් රික්ටර් පරිමාණයේ ඒකක 4.9ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් හටගෙන තියෙනවා.
මේ අලුත්ම කම්පනය හටගෙන තියෙන්නේ එරට උතුරු වෙරළ තීරය ආශ්‍රිතවයි. මේ වෙනකොට ලැබෙන තොරතුරු අනුව මියගිය පිරිස අතර විදෙස් ජාතිකයින් 40 දෙනෙකු සිටින බවද නිල වශයෙන් තහවුරු වෙලා තියෙනවා.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන විදිහට මේ පවතින අතිශය දරුණු තත්ත්වය හමුවේ පුද්ගලයින් මිලියන 6.76ක් පීඩාවට පත්වීමේ සහ අනතුරට ලක්වීමේ දැවැන්ත අවදානමක් මතුවෙලා තියෙනවා.
මුළු රටේම ගොඩනැඟිලි, මහා මාර්ග පොළොවට සමතලා වෙලා තියෙද්දී, ආයේ කවදා කොතැනින් භූමිය දෙදරා යයිද කියන මරණ බියෙන් වෙනිසියුලානු වැසියන් මේ වෙනකොට පසුවන බවයි වාර්තා වෙන්නේ.