අදාළ අවන්හලේ එදිනෙදා විකුණුම් ප්‍රමාණය අඩු වී ඇති බව පවසමින් කෝපයෙන් මෙම ව්‍යාපාරිකයා, එහි සිටින බියෙන් ගැහෙමින් සිටින තරුණ සේවකයින් කිහිපදෙනෙකුට අසභ්‍ය වචනයෙන් බණිමින්, කන හරහා දරුණු පාරවල් දෙමින් තිරිසනෙකු මෙන් පහර දෙන අයුරු එහි ඇති CCTV කැමරාවල ඉතා පැහැදිලිව සටහන්ව තිබෙනවා.
තමන්ගේ මහන්සියෙන්, රෑ දවල් නොබලා කඩේ ගොඩනැගීමට උදවු කරන සේවකයින්ට, වහලුන්ට මෙන් සලකන මෙම මුදලාලිගේ හැසිරීම ගැන සමාජ මාධ්‍ය පරිශීලකයින් මේ වන විට දැඩි පිළිකුලක් සහ කෝපයක් පළ කරමින් සිටිනවා.