කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අද (21) දවස සඳහා නිකුත් කරපු අලුත්ම නිවේදනයෙන් කියන්නේ ලංකාවේ පළාත් සහ දිස්ත්‍රික්ක රැසකට වැසි වගේම සුළං තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලයි.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට අද දිනයේ වැසි වාර කිහිපයක්ම ඇති වෙන්න ලොකු ඉඩක් තියෙනවා.
ඊට අමතරව, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බවයි ඔවුන් නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ සඳහන් වෙන්නේ...
ඒ වගේම ඌව සහ නැගෙනහිර පළාත්වල ඉන්න අයට පස්වරු 2.00 න් පස්සේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා කාලගුණයෙන් අනතුරු අඟවනවා.
ඒ වගේම දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම විටින් විට හමන පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තරමක තද සුළං ඇති වෙන්න පුළුවන්.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු පළාත, උතුරු-මැද පළාත, වයඹ පළාත, දකුණු පළාත සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා මෙම තද සුළං තත්ත්වය බලපෑ හැකි බවයි සඳහන් කරන්නේ.