ඉතින් මෙන්න අද (17) දවසේ බඩු මිලට, ඔන්ලයින් බිස්නස් කරන අයට වගේම රට ඉන්න අය එවන සල්ලිවලටත් සෘජුවම බලපාන අලුත්ම ඩොලර් රේට් එක මහ බැංකුව විසින් නිකුත් කරලා තියෙනවා.
ඊයේ තිබුණු ගණනට වඩා අද ඩොලරයේ විකුණුම් මිල පැහැදිලි ඉහළ යෑමක් පෙන්වනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතිකයට අනුව මිල ගණන් සටහන් වෙන්නේ මෙන්න මෙහෙමයි..
අද (ජූනි 17) රුපියල් 330.02 රුපියල් 339.90
ඊයේ (ජූනි 16) - රුපියල් 338.22
ඊයේ දිනයේ රුපියල් 338.22ක් ලෙස සටහන් වූ ඩොලරයේ විකුණුම් මිල අද වෙද්දි රුපියල් 339.90ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒ කියන්නේ එක දවසට විකුණුම් මිල රුපියලකට වඩා වැඩි අගයකින් ඉහළ ගිහින්. දැන් ඩොලරයේ විකුණුම් මිල රුපියල් 340 සීමාවටම කිට්ටු කරලයි තියෙන්නේ.
ඔබ අද බැංකුවකින් ඩොලරයක් මිලදී ගන්නවා නම් රුපියල් 339.90ක් ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි ඔබ ඩොලර් එකක් බැංකුවට දෙනවා නම් (ගැනුම් මිල) ඔබට ලැබෙන්නේ රුපියල් 330.02ක් පමණයි.
ඩොලරය මේ විදිහට දවසින් දවස උච්චාවචනය වීමත් එක්ක ඉදිරි දවස්වල වෙළෙඳපොළ මිල ගණන්වලට මොන වගේ බලපෑමක් වෙයිද කියලා හැමෝම බලාගෙන ඉන්නේ ලොකු කුතුහලයකින්!