සතිවලට සාපේක්ෂව මේ සතියේ මාළු මිල තවත් ඉහළ ගිහින් කියලයි පෑලියගොඩින් ආරංචි වෙන්නේ.
සාමාන්‍යයෙන් අපේ ගෙවල්වල නිතරම කන සාලයා, ලින්නා වගේ මාළු වර්ගවල මිලත් දැන් අහස උසට නැගලා. අද (10) පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මිල ගණන් ඇහුවොත් ඔයාලටත් තරු පෙනේවි.
අද දිනයේ වෙළෙඳපොළේ මාළු මිල ගණන්..
ලින්නා කිලෝවක්: රුපියල් 1300 යි.
සාලයා කිලෝවක්: රුපියල් 800 ත් 900 ත් අතර.
තලපත් කිලෝවක්: රුපියල් 2500 යි.
මේ ගැන අදහස් දක්වමින් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා කියා සිටියේ, මේ සඳහා ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් බලපා ඇති බවයි.
අයහපත් කාලගුණය- මේ දිනවල පවතින නරක කාලගුණ තත්ත්වය සහ රළු මුහුද නිසා ධීවරයින්ට සාමාන්‍ය පරිදි මුහුදු යාමට නොහැකි වීම.
මාදැල් ගැටලුව- මාදැල් කර්මාන්තයේ මේ වනවිට මතුවී ඇති යම් යම් ගැටලුකාරී තත්ත්වයන්.
කාලගුණය නරක අතට හැරෙනකොට මාළු මිල මෙලෙස ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් වුණත්, දැනටමත් ජීවන වියදමත් එක්ක මිරිකිලා ඉන්න සාමාන්‍ය ජනතාවට නම් මේක දරාගන්න අමාරු බරක්.
කාලගුණය යහපත් වෙලා හරි ඉදිරියේදී මේ මිල ගණන් ටිකක් අඩුවේවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න තමයි වෙන්නේ!