මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පියෙකු සහ දියණියක බවයි පොලිසිය සඳහන් කළේ.
කොළඹ දෙස සිට හොරණ දෙසට ධාවනය වෙමින් තිබූ මෙම යතුරුපැදිය එකවරම පාර මැද ලිස්සා ගොස් ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පියා සහ දියණිය වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ පොලිසිය එකතු වී වෑතර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
කහතුඩුව පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.