ලස්සන දිය ඇල්ලක් බලන්න ගිහින්, ලස්සන මතකයක් විදිහට පින්තූරයක් ගන්න හදපු අහිංසක පාසල් ළමයි දෙන්නෙකුට සිද්ධ වුණු දේ ඇහුවොත් ඔයාලගේ හිතත් පෑරෙනවා නොඅනුමානයි.
යහළුවන් 5 දෙනෙකුගෙන් යුත් පාසල් සිසුන් කණ්ඩායමක් තමයි මෙලෙස නකල්ස්වත්ත ප්‍රදේශයේ දිය ඇල්ල නැරඹීමට ගොස් තියෙන්නේ. දිය ඇල්ල අසලදී "සෙල්ෆි" (Selfie) ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී නොසිතූ ලෙස කකුල ලිස්සා ගොස් බෑවුමෙන් පහළට ඇද වැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.
අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වයස අවුරුදු 13 සහ 14 යන වයස්වල පසුවූ අහිංසක පාසල් සිසුන් දෙදෙනෙක්.
විනෝද ගමන් යන අතරතුර මෙලෙස අවදානම් සහිත ස්ථානවල සිට ඡායාරූප ගැනීමට යාමෙන් වළකින ලෙසත්, තමන්ගේ දරුවන් සහ යහළුවන් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටින ලෙසත් පොලීසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.