හැඳුනුම්පත නැති නිසා විභාගෙට ඇප්ලයි කරන්න බැරි වෙයිද කියලා බයෙන් හිටපු අයට ඔන්න විභාග දෙපාර්තමේන්තුවෙන් නියම විසඳුමක් දීලා තියෙනවා.
ඔබ විභාගයට පෙනී සිටින්නේ "පෞද්ගලික අයැදුම්කරුවෙකු" විදිහට නම්, ඔබට තාමත් ජාතික හැඳුනුම්පතක් නැත්නම් කිසිසේත්ම කලබල වෙන්න එපා. තමන්ගේ භාරකරුගේ (මව, පියා හෝ වෙනත් භාරකරුවෙකුගේ) ජාතික හැඳුනුම්පත පාවිච්චි කරලා ඔන්ලයින් විභාගයට ලියාපදිංචි වෙන්න දැන් අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා ID එක එනකම් මඟ බලාගෙන ඉන්න ඕනෙ නෑ!
පාසල්වලින් විභාගයට ඉල්ලුම් කරන, හැඳුනුම්පත් නැති ළමයින්ට කරන්න ඕනෙ දේවල් ගැන මේ වෙද්දිත් විදුහල්පතිවරුන්ට විශේෂ උපදෙස් මාලාවක් දීලයි තියෙන්නේ. ඒ නිසා ඒ දරුවන්ට තමන්ගේ පාසල හරහා මේ ගැටලුව ලේසියෙන්ම විසඳගන්න පුළුවන්.
ජූලි 03 වැනිදා පටන් ගත්ත ඔන්ලයින් ඇප්ලිකේෂන් දාන එක ජූලි 23 වැනිදායින් අනිවාර්යයෙන්ම අවසන් වෙනවා. "පස්සේ දානවා, කල් දික් කරයිනේ" කියලා හිතාගෙන ඉන්න එපා, මොකද කිසිම හේතුවක් මත අයැදුම්පත් භාරගන්නා දිනය දික් කරන්නේ නැහැ කියලා විභාග දෙපාර්තමේන්තුව තරයේම කියා සිටිනවා.
ඒ නිසා, ID එක නැති එක ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ජූලි 23ට කලින් ඉක්මනටම ඇප්ලයි කරන්න.
විශේෂ දැනුම්දීමක්: මේ ක්‍රියාවලිය ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් 1911 ක්ෂණික අංකයට හරි, 0112784537, 0112786616, 0112784208 කියන අංකවලට හරි කතා කරලා විස්තර දැනගන්නත් පුළුවන්.