Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
11
"බලමු ඉස්සරහට අපේ දෛවයේ මොන වගේ දේවල් ලියවිලා තියෙනවද කියලා" නිලූෂි ප්‍රථමවරට හිතේ තිබුණු රහසක් ගැන ඉඟිකරයි.

- "බලමු ඉස්සරහට අපේ දෛවයේ මොන වගේ දේවල් ලියවිලා තියෙනවද කියලා" නිලූෂි ප්‍රථමවරට හිතේ තිබුණු රහසක් ගැන ඉඟිකරයි.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

140 Views

ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින් රසික හදවත් අතිශයින්ම ආකර්ශනය කරගත් ඇය, නිලූෂි පවන්‍යා.


රංගනය මෙන්ම නර්තනය හරහාත් නිතරම කතාබහට ලක්වන ඇගේ කලා ජීවිතය ගැන අපි විමසා බැලුවා..

මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ කොහොමද නිලූෂි?

"නර්තනය පැත්තෙන් නම් මේ දවස් වල වැඩ ගොඩක් අඩුයි. 'හිරු Mega Star' එක තමයි මම නර්තනය පැත්තෙන් අන්තිමට කළේ. හැබැයි ඇක්ටින් පැත්තෙන් නම් Films සහ Teledrama කිහිපයක්ම කරනවා. ඒ වගේම මම 'එන්යුවිලෛයි' (Nuvilley) කියලා Tamil movie එකක් කළා. ඒ වැඩ කටයුතුත් එක්ක මේ දවස්වල සෑහෙන්න බිසී වෙලයි ඉන්නේ."

හිරු එකේ "ඔබ එන්න ඇවිත් යන්න" drama එකේ සෙට් එකත් එක්ක වැඩ කරද්දී දැනෙන සතුට කොහොමද?

"ඒ ඩ්‍රාමා එකට එකතු වෙලා දැන් අවුරුද්දක් එකහමාරක් විතර වෙනවා. මගේ අනිත් වැඩත් එක්ක සමහර වෙලාවට ෂූටින් මිස් වෙනවා. හැබැයි මේ කාලේ ඇතුලත ඒකට ගොඩක් අය ආදරය කරනවා, හොඳ comments හම්බෙනවා. දිනක්ෂි අක්කා, මම, දෙනුවන් අයියා, චනුක, ධනූ ඔය සෙට් එකම එකට හම්බවුණාම මාරම ජොලි. හැමෝම එකතු වෙලා හරිම සතුටින් වැඩ කරන්නේ."

ලොකේෂන් එකේදී වෙච්ච අමතක නොවන සිද්ධියක් මතක් කළොත්?

"අපෝ ඒ වගේ සිද්ධි නම් ගොඩක් වෙනවා. එක පාරක් මමයි, චනුකයි, දිනක්ෂි අක්කයි, ධනුයි ඔය සෙට් එකම ඉන්න serious take එකක් තිබ්බා. කාටවත් වරදින්නේ නෑ, හැබැයි ධනූ කියන දේවල්වලට හැමෝටම හිනා යනවා. මම මාරම control එකෙන් ඉඳලා එක පාරටම හිනා වුණා. ඊට පස්සේ ඒක cut කළා. ඊළඟ take එකේදී චනුක හිනා වුණා, ඊළඟ එකේදී දිනක්ෂි අක්කා හිනා වුණා. ඔහොම මාරුවෙන් මාරුවට ඒ take එක පස් හය පාරක් ගන්න වුණා. අන්තිමට මට හිනාව නවත්තගන්නම බැරි තැන, ඒ scene එක ගන්නම ඕන නිසා මම කරපු වැඩේ... මූණ පේන්නේ නැති වෙන්න පිටිපස්ස හැරිලා හිනා වුණා. ඒක මට ජීවිතේට අමතක වෙන්නේ නෑ."

ඔබ රංගනයෙන් දායක වුණු දමිළ චිත්‍රපටය ගැන කිව්වොත්?

"ඔව්, ඒක 'එන්යුවිලෛයි' කියලා ජේ. ප්‍රකාශ් කියන නළුවෙක් එක්ක තමයි මට රඟපාන්න තිබුණේ. ඊළඟ අවුරුද්දේ ඒක රිලීස් වෙන්න තියෙනවා. ඒකේ දෙමළ භාෂාවෙන් තමයි ගොඩක් දෙබස් කියන්න තිබ්බේ. මම ඒකේ theme songs දෙකකුත් කළා. ලංකාවේ ගොඩක් අය tamil movies බලන නිසා මං හිතනවා ඒ පැත්තෙනුත් මට අලුත් fansලා එකතු වෙයි කියලා."

ඉදිරියේදී සිනමාවෙන් මොන වගේ චරිතයක් කරන්නද ආසාවෙන් ඉන්නේ?

"මම ආසයි Dancing, fighting දෙකම එකට තියෙන චරිතයක් කරන්න. මොකද මම මෑතකදිම කලේ 'රාවණා' movie එක ඒකෙදි, තුෂාර තෙන්නකෝන් අයියව මම මතක් කරනවා. ඇත්තටම මට කියන්න ඕනෙ මගේ Dancing දැක්කේ හිරු මෙගාස්ටාර් එකෙන් කියලා කිව්වා. ඊට පස්සේ මට මාර සතුටක් දැනුනා. ඒ වගේ දෙයක් හින්දානේ අපේ Skill එකක් දකින්නේ සහ මේ film එකේ මට තිබුණේ fight කරන්න. එතකොට එයා මගේ fighting පැත්ත දැක්කේ මේ film එක නිසා කිව්වා. ඒ වගේම අයියා මට Suggest කළා Dancing සහ Fighting දෙකම තියෙන එකක් කළොත් හොඳයි කියලා."

'හිරු මෙගාස්ටාර්' වේදිකාවේදී ඔබට ලොකු කට්ටක් කන්න වුණා නේද?

"අම්මෝ ඔව්, අවුරුද්දක් විතර මෙගා ස්ටාර් වල වැඩ කළා. ඒ අවුරුද්ද මාරම ටයර්ඩ්. මොකද මම competition එකේ ඉන්න ගමන් film, shooting සහ drama ඔක්කොම balance කළා. සමහර දවස්වලට නිදාගන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. මගේ partner නරේන්ද්‍ර, නර්තනය හැඩ ගැස්සුවේ තරංග සහ backup කරපු රුවී ඇතුළු හැමෝගෙම support එක නිසා තමයි මම ඒක ගොඩදාගත්තේ."

ඒ තරඟය අතරතුරදී ඔබට අමතක නොවන, හද සසල කරපු සිදුවීමකට මුහුණ දෙන්න වුණා නේද?

"ඔව්, ඒක නම් මට ජීවිතේට අමතක වෙන්නේ නෑ. Final ලංවෙද්දී, ඒ කියන්නේ අපි Top 8 වුණාට පස්සේ මට 'මෙගාස්ටාර් එකෙන් අයින් වෙන්න' කියලා මරණ තර්ජන ආවා. අදටත් මම ඒ ගැන දුක්වෙනවා. අපි හැමෝම සහෝදර කලාකරුවෝ විදිහට වැඩ කරද්දී එහෙම දෙයක් කරන්න පුළුවන්ද? අපි දන්නවා ඒක කළේ කව්ද කියලා. නමුත් මම ප්‍රශ්න ඇති කරගන්න ගියේ නැහැ. මම හැම තිස්සේම හිතන්නේ අපි හොඳ දෙයක් කළොත් අපිට හොඳ දේ ලැබෙයි කියලා. එයාලා කරපු දේට එයාලට return එකක් හම්බවෙයි. මගේ කලා ජීවිතේ මම සෑහෙන්න අවුල් වුණු shock වුණු සිද්ධිය ඒක තමයි."

පෞද්ගලික ජීවිතේ ඉදිරියේදී මොකක් හරි වෙනසක් වෙන්න තියෙනවාද?

"එහෙම විශේෂ දෙයක් නම් නැහැ. මගේ කලාව පැත්ත වැඩිදියුණු කරගෙන ඉස්සරහට යන්න බලනවා. ඒ වගේම මගේම කියලා ව්‍යාපාරයක් පටන්ගන්න අදහසක් තියෙනවා. ගොඩක් දුරට මේ අවුරුද්ද ඇතුළත ඒක පටන්ගන්න ඉඩ තියෙනවා."

සම්මානනීය නිළියක් වීමේ හීනයක් නැද්ද?

"ඕනම කලාකාරිනියක් කැමතියි සම්මානයක් ගන්න, මමත් ආසයි. නමුත් මම හැමවෙලේම හිතන්නේ ලැබෙන සම්මානයකට වඩා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය ලොකුයි කියලා. මං ඒක දකිනවා මට ලැබිච්ච ලොකුම සම්මානය හැටියට. ගොඩක් වෙලාවට මාව category වෙලා තියෙන්නේ Western රාමුවට, ඉතින් එතනින් එහා ගිහිල්ලා වෙනස්ම චරිත කරන්න මං ආසයි."

බොලිවුඩ් වගේ දැවැන්ත සිනමාවකට එකතු වෙන්න කැමැත්තක් නැද්ද?

"අම්මෝ ඒක මගේ ලොකු හීනයක්! ඇත්තටම ඒ හීනය හැබෑ කරගත්ත කෙනෙකුට දැනට ඉන්නේ Jacqueline විතරයි. මං හිතනවා ඒකට ලොකු වාසනාවක් තියෙන්න ඕනේ කියලා. මට ඉතින් නැත්තෙම වාසනාව තමයි. හැබැයි මම hard working කරනවා. බලමු ඉස්සරහට අපේ දෛවයේ මොන වගේ දේවල් ලියවිලා තියෙනවද කියලා"
No photo description available.May be an image of one or more people, people smiling and jewelleryMay be an image of one or more people and people smilingMay be an image of smilingMay be an image of one or more people and people smilingNo photo description available.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top