රජයේ අලුත්ම තීරණයක් නිසා ඉදිරි උසස් පෙළ පිළිතුරු පත්‍ර බැලීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවදානමකට ලක්වෙන ලකුණු පහළ වෙලා තියෙනවා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මේ විදිහට දැඩි තීරණයකට එළඹෙන්න සූදානම් වෙන්නේ 2026 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අලුත් චක්‍රලේඛය මුල් කරගෙනයි.
මෙම නව චක්‍රලේඛය හරහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන්ව පාසල්වලට ඇතුළත් කිරීමේදී දැඩි අසාධාරණයක් සිදුවෙලා තියෙනවා කියලයි ඔවුන් චෝදනා කරන්නේ. මේ ප්‍රශ්නය වගේම ආචාර්යවරුන්ගේ තවත් ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් රජයත් එක්ක කීප සැරයක්ම සාකච්ඡා කළත් මෙතෙක් කිසිම සාධනීය විසඳුමක් ලැබිලා නැහැ.
මේ පිළිබඳව අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා කියා සිටියේ, පසුගියදා විශ්වවිද්‍යාලවල සියලු ආචාර්ය සංගම් එකතුවී තීරණාත්මක රැස්වීමක් පැවැත්වූ බවයි. රජයේ මේ නිහඬ පිළිවෙතට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීමට එහිදී සියලු දෙනා ඒකමතිකව තීරණය කර තිබෙනවා.
මෙහි පළමු පියවර විදිහට සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ ඔවුන් සිදුකරන සියලුම ස්වේච්ඡා වැඩකටයුතුවලින් ඉවත් වීමට මේ වනවිටත් තීරණය කර අවසන්. ඊටත් වඩා භයානකම කාරණාව වෙන්නේ, මේ ගැටලුවලට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ (පේපර් බැලීමේ) කටයුතු වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීම සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්නා බවට මහාචාර්යවරයා අනතුරු අඟවා තිබීමයි.
මේ තත්ත්වය යටතේ රජය වහාම මැදිහත් නොවුණහොත්, අවසානයේදී වන්දි ගෙවන්න වෙන්නේ අහිංසක උසස් පෙළ දරුවන්ටයි.