Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
09
දෙවැනි පෙම්වතාගේ බැංකු ගිණුමේ තිබූ ලක්ෂ ගණනක මුදල් ඇය වංචා කරලා.. පානදුර බෝඩිමකදී තුන්කොන් ප්‍රේමයක පැටලුණු නඳුනිගේ මරණය ගැන ඇසෙන ඇඟ කිලිපොළා යන කතාවක් මෙන්න..

- දෙවැනි පෙම්වතාගේ බැංකු ගිණුමේ තිබූ ලක්ෂ ගණනක මුදල් ඇය වංචා කරලා.. පානදුර බෝඩිමකදී තුන්කොන් ප්‍රේමයක පැටලුණු නඳුනිගේ මරණය ගැන ඇසෙන ඇඟ කිලිපොළා යන කතාවක් මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

994 Views

පානදුර උතුර පොලිස් බල ප්‍රදේශයට අයත් ගොරකාන ප්‍රදේශයේ කුලී කාමරයක රැඳී සිටි 26 හැවිරිදි අවිවාහක තරුණියක වූ මාන්නමරක්කළගේ නඳුනි සහශ්‍රි කුරේ නමැති නීති සිසුවිය ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වුණේ පසුගිය දවසකයි. 


පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් නීති උපාධිය හදාරා අවසන් කර සිටි ඇය, රටේ නීතිය පිළිබඳ මනා දැනුමක් මෙන්ම මනා රූපසම්පන්න බවකින් යුක්ත වූ තරුණියක්.

ඇයගේ නිවස පිහිටා තිබුණේ පානදුර උතුර, වඩුමඩුව හන්දිය, ගල්කණුව පාර ප්‍රදේශයේ‍යි. ඇයගේ රූමත් බව සහ අධ්‍යාපනය නිසාම මෑතකදී ඇයට ගුවන් නියමුවෙකුගෙන් (Pilot) විවාහ යෝජනාවක් පැමිණ තිබූ අතර දෙදෙනා ගිවිසගෙනද තිබුණා.

කෙසේවෙතත්, එක්ව ජීවත් වීමට තිබූ අකමැත්තක් හේතුවෙන් පසුව එම විවාහ ගිවිසුම අවලංගු කරන්නටත් ඔවුන් කටයුතු කර තිබුණා. සතුන්ට දැඩි ලෙස ඇලුම් කළ සහශ්‍රි, තම නිවසේ සුනඛයන් කිහිපදෙනෙකු ආදරයෙන් ඇති දැඩි කළා. නමුත් අසල්වාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ඇයට එම නිවසේ දිගින් දිගටම රැඳී සිටීමට නොහැකි වුණා. සතුන්ද රැගෙන යා හැකි කුලී කාමරයක් සෙවීමේ දැඩි වෙහෙසකින් පසු ඇය ගොරකාන ප්‍රදේශයෙන් කාමරයක් සොයාගෙන එහි පදිංචියට ගියා.

පසුව ඇය පානදුර ප්‍රදේශයේ හෝටලයක රැකියාවකට සම්බන්ධ වූ අතර, එහිදී ඇයට එම හෝටලයේම සහායකයෙකු ලෙස සේවය කළ නවෝද්‍ය ලක්මාල් ප්‍රනාන්දු විජේකුල ජයවර්ධන නමැත්තා හඳුනා ගැනීමට ලැබුණා. දෙදෙනා අතර ඇති වූ ප්‍රේම සබඳතාවය නිසා ලක්මාල් නිතරම ඇයගේ කාමරයට පැමිණි තිබෙනවා.

මේ අතරතුර, ලක්මාල් සේවය කළ ස්ථානයේ ප්‍රධාන අරක්කැමියා (Head Cook) වූ කැකිරාව, කීරිගස්වැව පදිංචි දෙනුවන් ප්‍රමෝද සමඟද ඇය සමීප සබඳතාවක් (දෙවැනි ප්‍රේම සබඳතාවක්) ගොඩනඟා ගත් බවට වාර්තා වෙනවා දෙනුවන් ඇයට දැඩි ලෙස ආදරය කළ අතර, ඇයගේ වියදම් සඳහා සහ කාමර කුලිය ගෙවීම වෙනුවෙන් මසකට රුපියල් 35,000 බැගින් ලබා දී තිබුණා.

අවස්ථාව ලැබුණු සෑම විටම දෙනුවන්ද මෙම කාමරයට පැමිණ රාත්‍රිය ගත කළා. නඳුනි තමා සමඟ නිල වශයෙන් විවාහ වී නොසිටි බැවිනුත්, දෙනුවන්ගෙන් ලැබෙන මුදල් නිසා තමාගේ මුදල් ඉතිරි කර ගැනීමට හැකි වූ බැවිනුත්, ලක්මාල් මෙම තුන්කොන් සබඳතාවයට විරෝධය දැක්වූයේ නැහැ. නඳුනිගේ මවද මෙම සබඳතාවය පිළිබඳ දැන සිටි අතර දෙනුවන් මේ පිළිබඳව මවගෙන් විමසූ සෑම විටම මව පවසා ඇත්තේ ලක්මාල් සහ නඳුනි අතර ඇත්තේ සමීප මිත්‍රත්වයක් පමණක් බවයි.

පොලිස් පැමිණිල්ල සහ එකට පදිංචි වීමමීට පෙර, ලක්මාල්ගේ පියා මෙම සබඳතාවයට දැඩි ලෙස විරුද්ධ වී ලක්මාල්ට සහ නඳුනිට තර්ජනය කර තිබුණි.

ඒ හේතුවෙන් ඉකුත් ජුනි 05 වැනිදා නඳුනි විසින් පානදුර උතුර පොලිසියට පැමිණිල්ලක් දමා තිබූ අතර, පසුව එය සමථ මණ්ඩලයට යොමු කෙරුණා. එහිදී තීරණය වූයේ දෙදෙනාම වයස අවුරුදු 16ට වැඩි බැවින් කැමති අයෙකු විවාහ කර ගැනීමට අයිතියක් ඇති බවයි. පියාගේ ක්‍රියාවට උරණ වූ ලක්මාල්, තම ඇඳුම් බෑගයද රැගෙන නඳුනිගේ කාමරයටම පදිංචියට පැමිණි ඇති අතර, ඒ වන විට නඳුනි ඇති කළ සුනඛ දෙන පැටවුන් 5 දෙනෙකු බිහි කර තිබූ අතර, ඔවුන් සියල්ලන්ම සිටියේ මෙම කාමරයේයි.

ඝාතනය අනාවරණය වූ අයුරු පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දිනවල නඳුනිගේ මව ඇයව සෙවීමට කාමරයට පැමිණියද දොර වසා තිබූ අතර දුරකථන ඇමතුම්වලටද ප්‍රතිචාර ලැබී නැහැ.

කොරිඩෝවේ ඇඳුම් විසිරී තිබීම නිසා ඇය ගමනක් ගොස් ඇතැයි මව සිතා ඇති නමුත් නඳුනිගේ අතුරුදන් වීමෙන් දැඩි සේ කනස්සල්ලට පත් දෙනුවන්, පසුගිය ඉරිදා මව සමඟ නැවතත් කාමරය අසලට පැමිණි විට කාමරය තුළින් දැඩි දුර්ගන්ධයක් හමා එනු දැනී තිබෙනවා.

මැස්සන් වසා සිටිනු දැක දොර කඩා ඇතුළු වූ විට ඔවුන් දැක ඇත්තේ ඇස් අදහාගත නොහැකි දසුනකි. කාමරයේ බිම තිබූ මෙට්ටයක් මත නඳුනිගේ නරක් වී ගිය සිරුරයි. පසුව ඔවුන් වහාම 119 හදිසි ඇමතුම් අංකයට මේ බව දැනුම් දී තිබුණා.

ඇය පදිංචිව සිටි ගොරකාන ප්‍රදේශය අයත් වන්නේ පානදුර උතුර පොලිස් වසමටයි. 119 අංශයෙන් කළ දැනුම්දීමට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සරත්චන්ද්‍ර වහාම පොලිස් කණ්ඩායමක් සමඟ එහි ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත් පොලිසිය සිදුකළ පර්යේෂවලින් පසුව මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ලක්මාල්ගේ ඇඳුම් පැලඳුම් සහ ජංගම දුරකථනය ද කාමරයේ දමා ගොස් තිබියදී සොයාගෙන තිබුණා.

ඒ අනුව ඔහු විසින් ඇයව ඝාතනය කර පලාගොස් ඇති බව පොලිසිය සැක පළ කරන්නේ.

ඔහු සොයා මෙහෙයුම් දියත් කර ඇති අතර, දෙවැනි පෙම්වතා වන දෙනුවන් ද පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබුණා.

ඔහු එහිදී පවසා ඇත්තේ නඳුනි තමන්ව රවටා බැංකු ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ අටකට ආසන්න මුදලක් වංචා කර ඇති බවයි.

සමාජමාධ්‍ය ඇසුරෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top