ඒ අනුව ග්‍රිනිච් වේලාවෙන් අද පස්වරු 11:10 ට පමණ, මුළු ලෝක ජනගහනයෙන් සියයට 99 කටම එකම අවස්ථාවක සූර්යාලෝකය ලැබීමට නියමිතයි..
පෘථිවියේ ඇලවීම සහ උත්තර අර්ධගෝලයේ ගිම්හාන කාලය උදාවීම හේතුවෙන් සිදුවන මෙම අපූර්ව සංසිද්ධිය නිසා ලෝක ජනගහනයෙන් බිලියන 8.2 ක පමණ අතිවිශාල ජනතාවකට එකවර දිවා කාලය හෝ සන්ධ්‍යා භාගයේ අසිරිය අත්විඳීමට ලැබෙනවා.
විනාඩියක් තරම් කෙටි කාලයකට, පෘථිවියේ වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රදේශ සියල්ලම සූර්යාලෝකයට නිරාවරණය වන අතර, රාත්‍රී අන්ධකාරය අත්විඳින්නේ ඉතා සුළු පිරිසක් පමණයි.
උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව සහ අපේ ආසියාවේ බොහෝ ප්‍රදේශ පුරා මෙම දිවා හෝ සන්ධ්‍යා ආලෝකය පැතිර පවතිනවා.
ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, අග්නිදිග ආසියාවේ කොටස් සහ ඇන්ටාක්ටිකාව මෙන්ම ඒ අවට සාගර කලාපයන් පමණක් එම අවස්ථාවේදී කළුවරේ පවතිනු ඇති.
මෙම සංසිද්ධිය ජූලි 8 වනදාට පමණක් සුවිශේෂී වූවක් බව පවසමින් 2022 වසරේදී සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් ඉතා වේගයෙන් වයිරල් (Viral) වුණා.නමුත් විද්‍යාඥයන් විසින් සිදු කරන ලද කරුණු විමර්ශනයකදී හෙළි වී ඇත්තේ මෙය එක් දිනකට පමණක් සීමා වූවක් නොවන බවයි. සෑම වසරකම දළ වශයෙන් මැයි 18 සිට ජූලි 17 දක්වා දින 60 ක පමණ කාලයක් පුරා සෑම දිනකම මෙවැනි කෙටි මොහොතක් උදාවෙනවා.
කෙසේ වෙතත්, ජූලි 8 වැනිදා කියන්නේ මුළු ලෝකයටම මේ සූර්යාලෝකය උපරිමයෙන්ම පතිත වන සුවිශේෂීම දිනයක් බවයි විද්‍යාඥයන් පවසන්නේ....