මේ කියන්න යන්නෙත් ඒ වගේම මුළු සමාජ මාධ්‍ය ජාලාවලම දැඩි කතාබහට වගේම විවේචනයට ලක්වුණු සිදුවීමක් ගැනයි.
සිද්ධිය වෙලා තියෙන්නේ පස්සර ප්‍රදේශයේ පැවැත්වුණු පෙරහැරක් අතරතුරදියි.
ඈත අතීතයේ ඉඳන්ම පෙරහැරක් බලන්න ආපු මිනිස්සු පාර අයිනේ, පේමන්ට් එක උඩ වාඩිවෙලා පෙරහැර නරඹන එක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ පස්සර පෙරහැර බලන්න ආපු අහිංසක මිනිස්සු පිරිසකුත් පාර අයිනේ තිබුණු පේමන්ට් එක උඩ වාඩිවෙලා ඉඳලා තියෙනවා. ඒ අතරේ ගැබිණි මවක් පවා ඉඳගෙන ඉඳලා තියෙනවා.
නමුත් එතැන තිබුණු වෙළඳසැලක අයිතිකාරයෙකුට මේ දසුන දිරවලා නැහැ. මිනිස්සු තමන්ගේ කඩේ ඉදිරිපිට පේමන්ට් එකේ වාඩිවෙලා ඉන්නවාට අකමැති වුණු මේ කඩේ මුදලාලි, වහාම ක්‍රියාත්මක වෙලා මිනිස්සුන්ට වාඩිවෙන්න බැරිවෙන්න මුළු පේමන්ට් එකටම වතුර දමන්න පටන් අරන්...
පෙරහැර බලන්න ආපු මිනිස්සුන්ගේ මෙන්ම වීඩියෝව නරඹපු කාගේත් නෙතට කඳුළක් උනන කටහඬකින් එහි සිටි අයෙක් පවසන්නේ, "අනේ මෙතන ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙකුත් ඉඳගෙන හිටියා... ඒකටවත් අනුකම්පාවක් නැතුව මෙහෙම කරන්නේ කොහොමද?" කියායි.
මනුස්සයෙක්ට තවත් මනුස්සයෙක් ගැන මෙතරම් අකාරුණික වෙන්න පුළුවන්ද? මිනිස්සු වුණාම හදවතේ පොඩ්ඩක් හරි මනුස්සකම කියන දේ තියෙන්න ඕනේ නේද? අද පෙරහැර බලන්න ඇවිත් තමන්ගේ කඩේ ඉස්සරහා පේමන්ට් එකේ වාඩිවෙන ඔය අහිංසක මිනිස්සුම තමයි හෙට දවසේ තමන්ගේ කඩේට බඩු ගන්න එන පාරිභෝගිකයෝ කියන සරල ඇත්ත තේරුම් ගන්න බැරි මෙවැනි ව්‍යාපාරිකයෝ කවදා නම් දියුණු වෙන්නද?