තවත් 1,500කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවයි නේපාල බලධාරීන් තහවුරු කරන්නේ.
නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නගරයට උතුරින් පිහිටි රාසුවා ප්‍රදේශයට ඊයේ අලුයම කඩා වැටුණු මෙම හදිසි ගංවතුර තත්ත්වයත් සමඟ මුළු ගම්මාන පිටින්ම ජලයෙන් යටවී ඇති අතර, මාර්ග සහ යටිතල පහසුකම් ද සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ගොස් තිබෙනවා.
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ, විශාල ග්ලැසියරයක් කඩා වැටීමත් සමඟ හදිසියේ ගලා ආ මඩ සහ සුන්බුන් එකතුවී මෙම මහා ගංවතුර තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.
සුන්බුන් අතර තවත් පිරිසක් සිරවී සිටින බැවින් මියගිය සහ අතුරුදන් වූ සංඛ්‍යාව මීට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවට බලධාරීන් දැඩි ලෙස අනතුරු අඟවනවා.