ඒ, තරුණයෙකු විසින් අහිංසක පෝනි අශ්වයෙකුට අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන දර්ශන පෙළක්.
මෙන්න මේ සිදුවීමට අදාළව නුවරඑළිය පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක්, විශේෂ ක්ෂණික විමර්ශනයක් සිදු කරමින් එම පහරදීම සිදු කළ සැකකාර තරුණයාව අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
සතුන්ට පහර දීලා නිදහසේ ඉන්න හදපු මෙම සැකකරුට එරෙහිව 1907 අංක 13 සතුන්ට කෘර ලෙස සැලකීම වැළැක්වීමේ ආඥාපනත සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 411 හා 412 යන වගන්ති ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු 2026.08.28 වන දින නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ....