ජීප් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එකම පවුලේ මිත්තණිය, ඇයගේ දියණිය සහ දින 10ක් වයසැති බිළිඳා බව සඳහන්.
ඉතා සංවේදී කරුණක් වන්නේ, අසනීපව සිටි බිළිඳාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබීමයි.
ඔවුන් පදවිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරනවා. එකම පවුලක තිදෙනෙකුට ජීවිත අහිමි කළ මෙම මාරක අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිනවා.