මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ "මුස්කාන්" නමැති 21 හැවිරිදි ශිෂ්‍යාවක් සහ නිරූපිකාවක් ලෙස කටයුතු කළ තරුණියක්.
සිද්ධිය සිදුවන අවස්ථාවේ ඇය නිවසේ තනිව සිට ඇති අතර, කෑගැසීම් ඇසුණු අසල්වාසීන් එම නිවසට පැමිණෙන විට ඇය බරපතළ තුවාල ලබා ලේ විලක් මැද වැටී සිට ඇති බව සඳහන්.
අසල්වාසීන් විසින් ඇයව වහාම රෝහලට රැගෙන ගියත්, බරපතළ තුවාල හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් "ඉම්රාන් නමැති ජිම් පුහුණුකරුවෙකු" ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය හඳුනාගෙන ඇති අතර, සිද්ධියෙන් පසු ඔහු පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මුස්කාන්ගේ මිතුරෙකු වන අමන් පවසා ඇත්තේ, ඉම්රාන් විසින් ඇයට මීට පෙරද හිරිහැර කළ බව ඇගේ සහෝදරියන් තමන්ට පවසා තිබූ බවයි. මේ වනවිට පොලිසිය අවට CCTV දර්ශන පරීක්ෂා කරමින් සැකකරු සොයා දැඩි විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඉම්රාන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බැවින්, ඔහු ඝාතනය සිදු කළ බව අවසන් වශයෙන් තහවුරු වී නොමැති අතර ඔහු ප්‍රධාන සැකකරු ලෙස පමණක් සඳහන් කළ යුතුයි.
මූලාශ්‍රය > Times of india