මේ තියෙන්නේ ශාසන ඉතිහාසය ඇතුළේ නිකිණි පෝයට සිද්ධ වුණු සුවිශේෂීම සිදුවීම් ටිකක්.
පසුවස් සමාදන් වීම: යම් හේතුවක් නිසා ඇසළ පෝය දවසේ පෙරවස් සමාදන් වෙන්න බැරි වුණු භික්ෂූන් වහන්සේලාට, ඒ වෙනුවට පසුවස් සමාදන් වෙන්න අවස්ථාව ලැබෙන්නේ අද වගේ නිකිණි පෝය දවසකයි.
ප්‍රථම ධර්ම සංගායනාව: බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස තුනකට පස්සේ, අනාගතය වෙනුවෙන් ශාසනය ආරක්ෂා කරගන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පළවෙනි ධර්ම සංගායනාව පවත්වන්න පටන් ගත්තෙත් අද වගේ උතුම් දවසකයි.
ආනන්ද හාමුදුරුවෝ රහත් වීම: බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ල වගේ හිටපු, අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ ප්‍රථම ධර්ම සංගායනාවට සහභාගී වෙන්න අවශ්‍ය සුදුසුකම සපුරමින් රහත් භාවයට පත්වුණෙත් නිකිණි පෝය දවසකයි.
මේ වගේ ඓතිහාසික සිදුවීම් රැසක් සිද්ධ වුණු මේ උතුම් නිකිණි පොහොය දවසේ, ඔබ සැමට පින්බර පෝය දවසක් වේවා!