Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
27
කතරගම වාසනාගේ තේජාන්විත ගමනින් ඓතිහාසික දළදා පෙරහැරේ අවසන් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය ඇරඹි වගයි... මුළු නුවරම බැතිමතුන්ගේ සාධු නදින් පිරී යයි...

- කතරගම වාසනාගේ තේජාන්විත ගමනින් ඓතිහාසික දළදා පෙරහැරේ අවසන් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය ඇරඹි වගයි... මුළු නුවරම බැතිමතුන්ගේ සාධු නදින් පිරී යයි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

125 Views

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (27) පස්වරු 6.43 ට යෙදුණු සුභ නැකතින් වීථි සංචාරය ආරම්භ කෙරුණා.


මෙවරද උතුම් වූ ශ්‍රී දළදා කරඬුන් වහන්සේ වැඩම කරවීමේ අති පූජනීය භාග්‍යය හිමිවූයේ තේජාන්විත කතරගම 'වාසනා' හස්ති රාජයාටයි.

අනුරාධපුර කැළෑබද ප්‍රදේශයක අතරමංව සිටියදී සොයාගැනුණු 'වාසනා', පින්නවල අලි අනාථාගාරයේ සිට 1978 වසරේදී එවකට අමාත්‍යවරියක වූ විමලා කන්නන්ගර මහත්මිය විසින් රුහුණු මහා කතරගම දේවාලයට පූජා කරනු ලැබුවා. එතැන් පටන් අද දක්වාම කතරගම දේවාල භාරයේ පසුවන, අඩි 11ක් පමණ උසැති 55 වියැති වාසනා හස්තියාගේ තේජාන්විත ගමන් විලාසය මෙවරත් පෙරහරට එක් කරන්නේ නෙත් සිත් පිනවන දසුනක්.

අද පෙරහරේ වාසනා ඇතාගේ දෑලේ ඇතුන් ලෙස සිංහරාජා සහ පුලතිසි රාජා යන ඇතුන් දෙපළ ගමන් ගන්නා අතර, පෙරහර වැව පාර, දළදා වීථිය, යටිනුවර වීථිය, කන්ද වීථිය, ඩී.එස්. සේනානායක වීථිය සහ රජ වීථිය ඔස්සේ ගමන් කර යළි ගෙවැදීමට නියමිතයි.

මෙම අතිඋතුම් සංස්කෘතික මංගල්‍යය නැරඹීම සඳහා අද උදෑසන සිටම ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මහනුවර නගරයට රොක් වී සිටි අතර, ඒ වෙනුවෙන් පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අද රාත්‍රියේ මෙම අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට එක්වන බවයි වාර්තා වන්නේ.

හෙට (28) උදෑසන ගැටඹේ තොටේදී සිදු කෙරෙන ඓතිහාසික දිය කැපීමේ මංගල්‍යයෙන් සහ දහවල් පෙරහරින් අනතුරුව මෙවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වනවා. ඉන්පසුව, පෙරහර සාර්ථකව නිම කළ බව දැනුම් දෙන ඓතිහාසික සන්නස, දියවඩන නිලමේවරයා ඇතුළු සතර මහා දේවාලවල නිලමේවරුන් විසින් හෙට පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.

මෙම අභිමානවත් අවසන් රන්දෝලි මහ පෙරහර අද රාත්‍රී 10.30 සිට හිරු TV ඔස්සේ ඔබට සජීවීව නැරඹිය හැකියි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top