මියයන විට ඒ අසමසම හඬකැවීම් ශිල්පියා 85 වන වියෙහි පසුවුණා.
1980 දශකයේ ආරම්භ වූ මුල්ම ට්‍රාන්ස්ෆෝමර්ස් සජීවිකරණ (Animated) මාලාවේ සිට මෑතකාලීන හොලිවුඩ් බ්ලොක්බස්ටර් චිත්‍රපට මාලාව දක්වාම ඔප්ටිමස් ප්‍රයිම්ගේ ගම්භීර සහ අභිමානවත් හඬෙහි හිමිකරු වූයේ ඔහුයි.
ඊට අමතරව 'Winnie the Pooh' හි ඊයෝර් (Eeyore) චරිතයට මෙන්ම 'Predator' ඇතුළු ලොව පුරා අතිශය ජනප්‍රිය වූ හොලිවුඩ් චිත්‍රපට සහ සජීවිකරණ නිර්මාණ රැසකටම ඔහු සිය සුවිශේෂී හඬින් දායකත්වය ලබා දී තිබෙනවා.
ඔහුගේ හදිසි අභාවයත් සමඟ ලොව පුරා සිටින කෝටි සංඛ්‍යාත ට්‍රාන්ස්ෆෝමර්ස් සහ හොලිවුඩ් සිනමා රසිකයින් සිය කනගාටුව පළ කරමින් සිටිනවා.