මියයන විට ඔහු 89 වැනි වියේ පසුවුණා.
පසුගිය සතියේ වැළඳුණු දුර්ලභ රුධිර රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල්ගත කර සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
හැරල්ඩ් රජු වසර 35ක දීර්ඝ කාලයක් නෝර්වේ රාජ්‍යයේ රජු ලෙස ජනතාවගේ ආදරය දිනාගනිමින් කටයුතු කළා. මියයන තෙක්ම ඔහු හැඳින්වුණේ සමස්ත යුරෝපයේම සිටි වයස්ගතම රජු ලෙසයි.
14 වන සියවසෙන් පසුව නෝර්වේ රාජ්‍යයේම උපත ලබා නෝර්වේ රාජ්‍යයේ රජකමට පත්වුණු පළමු රජු ලෙසද ඔහු ඉතිහාසයට එක්ව සිටිනවා.
හැරල්ඩ් රජුගේ හදිසි අභාවයෙන් පසුව නෝර්වේ රාජ්‍යයේ නව රජු ලෙස ඔහුගේ පුත්‍රයා වන 53 හැවිරිදි හකෝන් කුමරු (Crown Prince Haakon) නිල වශයෙන් පත්ව තිබෙනවා.
දීර්ඝ කාලයක් නෝර්වේ වැසියන්ගේ ආදරය දිනාගත් පස්වන හැරල්ඩ් රජුගේ සමුගැනීම වෙනුවෙන් ලෝක නායකයන් සහ රාජකීය පවුල් රැසක් මේ වන විටත් තමන්ගේ ශෝකය පල කරමින් සිටිනවා.