මීට දින කිහිපයකට පෙර දෙවැනි ස්ථානය දක්වා පසුබැස සිටි රුමේෂ්, නවතම ශ්‍රේණිගත කිරීම් සමඟින් ජර්මානු ක්‍රීඩක ජූලියන් වෙබර් දෙවැනි ස්ථානය දක්වා පහතට ඇද දමමිනුයි මෙලෙස පෙරමුණට පැමිණ සිටින්නේ.
රුමේෂ් තරංග ප්‍රසාද ලකුණු 1,363ක් ලබා ගනිමින් පළමු ස්ථානයේ වැජඹෙන අතර, දෙවැනි ස්ථානයට පත්වූ ජූලියන් වෙබර් ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 1,342ක්. ඒ අනුව රුමේෂ් ලකුණු 21ක පැහැදිලි ඉදිරියක් තබා ගැනීමට සමත්ව තිබෙනවා.
මේ අතර මෙම ලෝක ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ග්‍රෙනේඩා රාජ්‍යයේ ඇන්ඩර්සන් පීටර්ස් හටයි.
පසුගියදා නිමා වූ ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී රුමේෂ් තරංගට දැඩි අභියෝගයක් එල්ල කළ ඉන්දියානු සුපිරි ක්‍රීඩක නීරාජ් චොප්රාට හිමිව ඇත්තේ 6 වැනි ස්ථානයයි. ඒ ප්‍රසාද ලකුණු 1,301ක් ලබා ගනිමින්.