මෙලෙස වික්‍රමාන්විත ලෙස පලාගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි නාත්තන්ඩිය, මැදගොඩ පදිංචි එම්. එම්. උමේෂ් නැමැති රැඳවියායි.
වැලිකඩ බන්ධනාගාර නිවාඩු නිකේතනය පිරිසුදු කිරීම සඳහා බන්ධනාගාර නියාමක කළමනාකරු විසින් රැඳවියන් තිදෙනෙකු යොදවා තිබෙනවා. ඔවුන් පිරිසිදු කිරීම් සිදුකරමින් සිටියදී, අදාළ නියාමකවරයා දිවා ආහාරය ගැනීම සඳහා නිල නිවස වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ලැබුණු හොඳම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මෙම රැඳවියා, නිවාඩු නිකේතනයේ තිබූ සරමක් ඇඳගෙන, එහි ඉදිරිපිට යතුරත් සමඟම නවතා තිබූ බන්ධනාගාර නියාමකවරයාගේ යතුරුපැදියට නැගී ලෙස්ලි රණගල මාවත දෙසට ඇති ගේට්ටුවෙන් ක්ෂණිකව පලාගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.