ඒ කොළඹ නගරය පුරා මී ගහණය සීග්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් ජනතාවගේ දෛනික ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබීමයි.
ජල භීතිකාව, මහාමාරිය වැනි මාරාන්තික රෝග පතුරවන සත්ත්වයෙකු වන මීයන් මෙලෙස නගරය පුරා ව්‍යාප්ත වීම නිසා ප්‍රදේශවාසීන් මෙන්ම නගරයට පැමිණෙන ජනතාවද පසුවන්නේ දැඩි භීතියකින්. මේ හේතුවෙන් මෙම මී උවදුරට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසයි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
මේ වන විට කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ හෝටල්, ආපනශාලා සහ වෙළෙඳසැල් වෙතද මීයන්ගෙන් එල්ල වී ඇත්තේ සුළුපටු බාධාවක් නෙවෙයි. නගරය පුරා තැනින් තැන එකතු වී ඇති කසළ ආහාරයට ගැනීමට පුරුදු වී සිටින මෙම මී රංචු, මේ වන විට සමස්ත කොළඹ නගරයේම සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල කරමින් සිටිනවා.
එපමණක්ද නොව, විවිධ ස්ථානවල ස්ථානගත වෙමින් උන්ගේ නවාතැන් සකසා ගැනීම නිසා දේපළ මෙන්ම භූමියද විශාල වශයෙන් විනාශයට ලක්ව ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම මී උවදුරෙන් ගැලවීමට නම් කසළ නිසි ලෙස බැහැර කිරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ කාණු පද්ධති පවිත්‍රව තබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්.
මේ සඳහා බලධාරීන්ට පමණක් නොව, කොළඹ නගරයේ වෙසෙන සහ දිනපතා කොළඹට පැමිණෙන ජනතාවටද එක හා සමාන වගකීමක් තියෙනවා නේද කියලා අපිට මතක් කරන්න වෙනවා.