ඇයගේ ජීවිතයේ සුන්දරම නවාතැන වුණේ ලංකාවේ ප්‍රසිද්ධ ගුරුවරයෙකු වන ඇගේ ආදරණීය සැමියා, කසුන්.
අදට ඔවුන් දෙපළ අතිනත ගෙන සාර්ථක, සතුටුදායක විවාහ දිවියකට වසර 6ක් සම්පූර්ණ වනවා. ඒ වෙනුවෙන් විනූ, තමන්ගේ ආදරණීය සැමියා වෙනුවෙන් මුහුණු පොතට එකතු කර තිබුණේ හදවතටම දැනෙන, හරිම සුන්දර සටහනක්.
ඇය එකතු කළ සටහන
"ජීවිතය කියන්නේ දෙන්නාට දෙන්නා තේරුම් ගැනීමත් එක්ක යන ගමනක්. තමන්ට ගැලපෙනම කෙනා ලැබුණොත් ඒ ගමන හරිම පහසුයි. ඒ නැතත් ගලපගෙන යන ගමනත් හරි සුන්දරයි. අපි දෙන්නත් හරිම ලස්සන සුන්දර ගමනක් ඇවිත් තියෙන්නේ. Happy 6th year wedding anniversary mage panaa"