ලොව පුරා සංචාරකයින් සහ වන්දනාකරුවන් අතර අතිශය ජනප්‍රිය ප්‍රදේශයක් වූ මෙම කලාපයට එල්ල වූ හදිසි ගංවතුර ප්‍රහාරයෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 157ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පහත් බිම් ප්‍රදේශවලට කිසිදු වර්ෂාපතනයක් නොතිබූ පසුබිමක, ටිබෙට් දේශය දෙසින් එක්වරම ගලා ආ දැවැන්ත ජල කඳක් නේපාලයේ දිස්ත්‍රික්ක 5ක් පුරා ගම්මාන රැසක්ම මුළුමනින්ම යටකර දමා තිබෙනවා.
කත්මන්ඩු නුවරට උතුරින් පිහිටි රසුවා ප්‍රදේශයේ හදිසි ගංවතුර තත්ත්වයක් සමඟ බෝටේ කෝෂි ගඟට ඉහළින් වූ ග්ලැසියරයක් එක්වරම දියවීම මේ මහා විනාශයට හේතුව බවට සැක කෙරේ.
විදෙස් සංචාරකයින් රැසක් අතුරුදන්: අතුරුදහන් වූවන් අතර ඉන්දියාවෙන් 100කට අධික පිරිසක්, අමෙරිකාවෙන් 54ක්, ඕස්ට්‍රේලියාවෙන් 34ක්, එක්සත් රාජධානියෙන් 33ක් සහ නේපාල වැසියන් 100කට වැඩි පිරිසක් සිටින බව බීබීසී පුවත් සේවය තහවුරු කරයි.
දැනටමත් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි බලධාරීන් පවසන්නේ.