පුංචි තිරයේ විවිධ චරිත හරහා නිතරම ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව දිනාගන්න සමත් වෙලා තියෙන නිළියක් කිව්වොත් නිවැරදියි.
නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ආදරණීය රසිකයින් එක්ක සම්බන්ධ වෙන ශලනි, පහුගිය දවසක හරිම අපූරු වගේම අතිශය සුන්දර ඡායාරූප පෙළක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරලා තිබුණා.
මේ ඡායාරූප පෙළට ඇය යොදලා තිබුණේ හරිම වෙනස් වගේම ලස්සන කැප්ෂන් එකක්. පළ කරන්න අමතක වුණු පින්තූර විදිහටයි ඇය ඒ ඡායාරූපවලට සටහනක් එක්කරලා තිබුණේ.
කොහොම වුණත් කාලෙකට කලින් අරගෙන, සමාජ මාධ්‍යයට දාන්න අමතක වෙලා තිබුණු මේ සුන්දර ඡායාරූප ටික දැක්කම නම් කාගෙත් හිත වසඟ වෙනවා නොඅනුමානයි. වෙනදා වගේම ඇගේ මේ ලස්සන පින්තූර ටිකටත් මේ වෙද්දී රසිකයින්ගෙන් ඉහළම ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා වගේම, සමාජ මාධ්‍ය පුරාම මේවා වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා.