Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
01
හැමදේටම වඩා පවුලේ සතුට වටිනවා! රොෂාන් රණවනගේ ලස්සනම ලස්සන ෆොටෝ ටිකක් එළියට...

- හැමදේටම වඩා පවුලේ සතුට වටිනවා! රොෂාන් රණවනගේ ලස්සනම ලස්සන ෆොටෝ ටිකක් එළියට...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

407 Views

රිදී තිරයේ ආදරණීය පෙම්වතා විදිහට කාලයක් ලංකාවේ තරුණියන්ගේ හදවත් හොරාගත්තු රොෂාන් රණවන කියන්නේ සැබෑ ජීවිතයේදීත් හරිම ආදරණීය සැමියෙක් වගේම උතුම් පියෙක්. 


කලා ලෝකයේ කාර්යබහුල වැඩ කටයුතු එක්ක කොච්චර හිරවෙලා හිටියත්, තමන්ගේ පවුල වෙනුවෙන් කාලය වෙන් කරන්න රොෂාන් කවදාවත් අමතක කරන්නේ නෑ.

පසුගිය දිගු සතිඅන්තයේ රොෂාන් ඔහුගේ බිරිඳ කුෂ්ලානි සහ ආදරණීය පුංචි පුතාත් එක්ක සුන්දර නිවාඩුවක් ගත කරන්න ගිහින් තිබුණා. මේ ගමනේදී ගත්තු හරිම ලස්සන, ආදරය පිරුණු ඡායාරූප කිහිපයක් රොෂාන් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරලා තිබුණේ රසිකයන්ගේ නෙත් සිත් පිනවමින්.

තරු ගුණයක් ආරූඪ කරගන්නේ නැතුව, හරිම සැහැල්ලුවෙන්, නිදහසේ පුංචි පුතා එක්ක සෙල්ලම් කරමින් ගත කරන මේ සුන්දර මොහොතවල් දැක්කම ඕනෑම කෙනෙකුගේ හිතට දැනෙන්නේ පුදුම සතුටක්.

මේ ලස්සන ඡායාරූප පෙළත් එක්කම රොෂාන් තමන්ගේ පවුල් ජීවිතේ සතුට ගැන හරිම අපූරු සටහනකුත් තියලා තිබුණා.

"කාර්යබහුල කාලසටහන් පැත්තකින් තියලා, මේ දිගු සතිඅන්තය සිනහව, වික්‍රමාන්විත අත්දැකීම් සහ පවුලේ අයත් එක්ක ගතකරන ගුණාත්මක කාලයක් වෙනුවෙන් වෙන් කළා..." කියන එකයි ඔහු ඉන් අදහස් කරලා තිබුණේ.

ජනප්‍රියත්වය, සල්ලි කොච්චර තිබුණත් මනුස්සයෙකුට වටිනාම දේ තමන්ගේ පවුලේ සතුට කියන එක රොෂාන්ගේ මේ සටහනෙන් අපූරුවට පැහැදිලි වෙනවා. ලෝකයක් ආදරය කරන තාරකාවක් වුණත්, බිරිඳටයි දරුවාටයි ආදරය කරමින්, නිදහසේ සාමකාමී ජීවිතයක් ගතකරන රොෂාන්ගේ මේ පවුල් ජීවිතය අද කාලයේ ගොඩක් දෙනෙක්ට කදිම ආදර්ශයක්.

මේ ඡායාරූප දැකපු රසික රසිකාවියොත් රොෂාන්ගේ පුංචි පවුලට ආදරය පිරුණු කමෙන්ට්ස් දහස් ගණනක් එකතු කරලා තිබුණේ ඔවුන්ගේ ඉදිරි ජීවිතේටත් සුබපැතුම් එක්කරමින්!


May be an image of bedroom and indoorsMay be an image of bedroomMay be an image of poolMay be an image of poolMay be an image of swimming and poolMay be an image of childMay be an image of child and children's toyNo photo description available.May be an image of indoors
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top