මේ ඛේදවාචකය වාර්තා වෙන්නේ කුණ්ඩසාලේ, මැණික්හින්න ප්‍රදේශයෙන්.
මේ අලියාගේ නම මුතු. මැණික්හින්න මුදුන්කොත් ඉන්ධන පිරවුම්හලේ හිමිකරුට තමයි මේ අලියාව අයිති. ඊයේ (30) රෑ 8.00 ට විතර මුතු කරපු වැඩෙන් මුළු මැණික්හින්නම කම්පනයට පත්වුණා.
සිද්ධිය වෙලා තියෙන්නේ මැණික්හින්න ගණදෙවි විහාරය ළඟදී. අලියා බැඳලා හිටපු තැනට මීටර් 200ක් විතර ඈතින් පාන් දන්සලක් තිබිලා තියෙනවා. අලියාගේ අයිතිකරුගේ බාප්පා කෙනෙක් මේ දන්සලෙන් පාන් අරගෙන ඇවිත් තියෙන්නේ මුතුට කන්න දෙන්න හිතාගෙන. ආදරෙන් පාන් කවන්න ගිය බාප්පාට මුතු එකපාරටම ආක්‍රමණශීලී වෙලා පහර දීලා ඝාතනය කරලා තියෙනවා.
අලියා බාප්පාට ගහනකොට වටේ හිටපු මිනිස්සු කෑගහලා එයාව බේරගන්න දැඩි උත්සාහයක් අරන් තියෙනවා. ඒත් ඒ කිසිම දෙයක් සාර්ථක වෙලා නෑ. ඊටත් වඩා ත්‍රාසජනක සිදුවීම තමයි, පහරදීමෙන් පස්සේ අලියා මළසිරුර ළඟින් හෙල්ලෙන්නේ නැතුව ඒතැනම රැඳී ඉඳලා තියෙනවා. මේ නිසා සිරුර එතැනින් ඉවත් කරගන්නත් පැය දෙකහමාරකට වඩා ලොකු කාලයක් ගතවෙලා.
දන්නවද මේ සිද්ධියේ තියෙන භයානකම කතාව? මේ අලියා අතින් මිනිසෙක් ඝාතනය වුණු පළවෙනි අවස්ථාව මේක නෙවෙයි. මීට කලිනුත් අවස්ථා තුනකදීම මුතු අතින් මිනිස් ජීවිත තුනක්ම බිලිවෙලා තියෙනවා. ඒ කියන්නේ මේක මුතුගේ හතරවැනි බිල්ල!
මීට කලින් පිට මිනිස්සුන්ට ගැහුවත්, මෙදා පාර මුතු බිලිගෙන තියෙන්නේ තමන්ව බලාගත්ත, තමන්ගේම අයිතිකරුගේ පවුලේ සමීපතමයෙක්ව වීම ප්‍රදේශවාසීන්ව දැඩි කම්පනයකට පත් කරලා.
කොහොම වුණත් මේ ඛේදවාචකය ගැන තෙල්දෙනිය පොලීසිය දැන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. හීලෑ අලි කොච්චර හීලෑ වුණත් තිරිසන් සතෙක්ගේ මනස තේරුම් ගන්න බැරි බවට මේක තවත් එක් කණගාටුදායක උදාහරණයක්!