හැබැයි මේ පාර නම් හිතුවක්කාර විදියට පාරවල් අයිනේ දන්සල් දෙන්න ගියොත් වැඩ වරදින්න ඉඩ තියෙනවා. මොකද පොලීසියෙන් දැන් අලුත් නීතියක් ගෙනල්ලා!
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා තමයි මේ අලුත්ම තීරණය ගැන මාධ්‍ය හමුවකදී හෙළි කළේ.
ඔබ දන්සලක් හෝ තොරණක් සංවිධානය කරනවා නම්, අනිවාර්යයෙන්ම ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා (OIC) දැනුවත් කිරීම දැන් අනිවාර්ය කරලා තියෙනවා.
දන්සල් තහනම්ද? නෑ, කිසිම දන්සලක් තහනම් කරලා නෑ. දන්සල් දෙන්න එපා කියලා පොලීසිය කියන්නේ නෑ.
හේතුව මොකක්ද? පාරවල් බ්ලොක් වෙන එකයි, ට්‍රැෆික් එකයි, අනතුරු සිද්ධ වෙන එකයි වළක්වා ගන්න. වාහන පාර්ක් කරන විදිය වගේ දේවල් ගැන පොලීසියෙන් අවශ්‍ය මාර්ගෝපදේශ දෙන්න තමයි මේ විදියට ස්ථානාධිපතිවරුන්ව මැදිහත් කරන්නේ.
මේ අතරේ වාහන එලවන අයටත් පොලීසියෙන් සැර අවවාදයක් දීලා තියෙනවා. සමහර අය පාරේ වාහනේ පොඩ්ඩක් හැප්පුණාම පොලීසියට නොකියා ඒ වෙලාවේම සල්ලි දීලා හරි කතාබහ කරලා හරි මහා මාර්ගයේම ෂේප් වෙනවානේ. හැබැයි මින්පස්සේ එහෙම බෑ!
"පැය 24ක් ඇතුළත අනතුරක් වාර්තා නොකළොත් ඒක නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. අනිවාර්යයෙන්ම හැම අනතුරක්ම පොලීසියට වාර්තා කරන්නම ඕනේ!" යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා දැඩිව කියා සිටියා.
පොලිස් දත්තවලට අනුව මේ අවුරුද්දේ ගතවුණු කාලය ඇතුළත වාර්තා වෙලා තියෙන දේවල් ඇහුවොත් ඔයාටත් හිතාගන්න බැරි වෙයි.
මත්ද්‍රව්‍ය භාවිත කර වාහන එලවූ රියදුරන්: 7,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට අරගෙන!
මාරක රිය අනතුරු: ගිය අවුරුද්දට සාපේක්ෂව 98කින් වැඩි වෙලා.
මරණ සංඛ්‍යාව: ගිය අවුරුද්දට වඩා 104කින් ඉහළට ගිහින්.
කොහොම වුණත් පොලීසියේ මේ විශේෂ මෙහෙයුම් නිසා දැන් දැන් සතිපතා අනතුරු අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලත් ආරංචියි. ඉතින් මේ පාර පොසොන් එකට පාරට බහිනවා නම්, දන්සල් දෙනවා නම් මේ නීති ගැන හොඳට අවධානයෙන් ඉන්න එක ඇඟට ගුණයි!